“ගුවන් හාමුදා පාපැදි සවාරිය 2024” පිළිබඳ මාධ්‍ය හමුව
11:12pm on Monday 25th March 2024
"ගුවන් හාමුද පාපැදි සවාරිය 2024" පිළිබඳ මාධ්‍ය හමුව 2024 පෙබරවාරි 27 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.මෙවර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 25 වැනි වරටත් මෙම තරගය පවත්වනු ලැබේ. ඉන්දීය ගුවන් හමුදාවේ පාපැදිකරුවන් ඇතුළු ඉහළ ශ්‍රේණියේ පාපැදිකරුවන් දෙසීයක් සහ අනෙකුත් පාපැදිකරුවන් මෙම තරගයට සහභාගි වීමට නියමිතය.ගුවන් හාමුද පාපැදි සවාරිය ශ්‍රී ලංකා පාපැදි ඉසව් දින දර්ශනයේ ප්‍රමුඛතම සහ ත්‍රාසජනක ඉසව්වක් ලෙස පිළිගැනේ.

මෙම වසරේ පවත්වනු ලබන පිරිමි තරඟයේ කාලය දින 5 කි. එය 2024 මාර්තු 03 වන දින කොළඹ ගුවන් හමුදා මූලස්ථානයෙන් ආරම්භ වී මහනුවර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව හරහා එක් එක් ස්ථානයන් පසුකර යාපනයෙන් ආසන්න වශයෙන් කිලෝමීටර් 654 ක දුරකින් අවසන් වන අතර කාන්තා තරගය මාන්කුලම් සිට යාපනය දක්වා තනි පාද ඉසව්වක් ලෙස 2024 මාර්තු 07 වැනි දින ආරම්භ වේ.
 
ත්‍යාග ප්‍රදානෝත්සවය 2024 මාර්තු 07 වන දින යාපනයේදී පැවැත්වෙන අතර එහිදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අනුග්‍රාහකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

මෙම මාධ්‍ය හමුව ගුවන් හමුදා පාපැදි සභාපති එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ, ගුවන් හමුදා පාපැදි ලේකම් ගෲප් කැප්ටන් රංග පෙරේරා, සාමාන්‍යාධිකාරී නිපොන් පේන්ට් ලංකා (පුද්ගලික) සමාගමේ නේමන්ත අබේසිංහ මහතා, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ප්‍රධාන ලේකම් නලින් අදිකාරච්චිගේ, අබාන්ස් සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී, ලලින්ද්‍ර බ්‍රාහ්මණ යන මහත්වරු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස සහභාගි වූහ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍ය හමුව අවසන් වීමට ප්‍රථම අනුග්‍රාහක චෙක්පත් සහ නිල ලිපි ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සම්මේලන සභාපති එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර වෙත පිළිවෙළින් සාමාන්‍යාධිකාරී නිපොන් පේන්ට් ලංකා (පුද්ගලික) සමාගම නේමන්ත අබේසිංහ, අබාන්ස් සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී ලලීන්ද්‍ර බ්‍රාහ්මණ, මැලිබන් බිස්කට් නිෂ්පාදන පුද්ගලික සමාගමේ කාණ්ඩ ප්‍රධානී පෝෂිත පෙරේරා , නැෂනල් සේල්ස් පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි ධනුෂ්ක හෙට්ටිආරච්චි මහතා , මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී සහකාර තුෂාරි හේවාවසම් මහත්මිය. විජය නිෂ්පාදන පුද්ගලික සමාගමේ ජනිත් කරවිට යන මහත්ම මහත්මීන් විසින් භාර දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි