ශ්‍රී ලංකා ගුවන් හමුදාව පූජනීය ‘ජය ශ්‍රී මහා බෝධිය’ අභියසදී ධඡ ආශිර්වාද කිරීමේ උත්සවයක් පවත්වයි
6:26pm on Tuesday 23rd April 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 73 වන සංවත්සර උත්සවයේ කොටසක් ලෙස සාම්ප්‍රදායික ධඡ ආශිර්වාද කිරීමේ උත්සවය 2024 මාර්තු 14 වන දින පූජනීය අනුරාධපුර "ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ" අභියසදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඇතුළු සියලුම කඳවුරු අණදෙන නිළධාරීන්, විද්‍යාපීඨ අණදෙන නිළධාරීන්, ස්ථානාධිපතිවරුන් සහ අණදෙන නිළධාරීන් සහභාගී වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා සමස්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි