ගුවන් හමුදා සේවා වනිතා ඒකකය NCP/A/TH/G හඳුන්ගමුව විද්‍යාලයේදී 'ගුවන් මිතුදම්' ව්‍යාපෘතිය සාර්ථකව නිම කරයි
7:09pm on Tuesday 23rd April 2024
ගුවන් හමුදා අනුරාධපුර කඳවුර මගින් පහසුකම් සපයන ලද 'ගුවන් මිතුදම්' ප්‍රජා සේවා ව්‍යාපෘතිය  2024 මාර්තු 14 වන දින NCP/A/TH/G  හඳුන්ගමුව විද්‍යාලයේදී සාර්ථකව අවසන් කරන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර නව ජල සම්පාදන පද්ධතිය විද්‍යාලයේ විදුහල්පතිතුමා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා අනුරාධපුර කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් අමිත ජයමහ ගේ අධීක්ෂණය යටතේ කඳවුරු සේවා වනිතා ඒකකය භාර නිලධාරි විංග් කමාන්ඩර් සීසී මානික්ගමආරච්චි නිළධාරීතුමන්ගේ සම්බබන්ධිකරනයෙන් සිදු කරන ලදී.ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ආරම්භ කරන ලද අතර, ඇමරිකා එක්සත් ජනපදයේ පරිත්‍යාගශීලියෙකු වන ප්‍රශාන්ත් විජේදාස මහතා සහ “හුස්ම” සැලැස්ම ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය සදහා අරමුදල් සපයන ලදී.

මෙම උත්සවය සඳහා නිලධාරීන්, සෙසු නිලයින් සහ නියෝජිතයින්, විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි