ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් සදහා සම්මාන ප‍්‍රධානය කෙරේ
7:14pm on Tuesday 23rd April 2024
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මානශීලි නිපැයුම් හා නව සොයාගැනිම් ආදි නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු සිදුකළ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගයිමට ලක්කිරිම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විශිෂ්ඨතා සමිමාන ප‍්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්විව් උත්සව ශාලාවේදි පැවැත්විණි.

2023 වර්ෂයේ මුල සිට අග දක්වා කාළය තුල ගුවන් හමුදාවේ එක් එක් වෘත්තින්ට අදාල විශිෂ්ඨතම ගුවන් භටයා තේරිම පිළිගත් ක‍්‍රමවේදයකට අනුව එම වෘත්තියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ   අධික්ෂණයන් යටතේ සිදුකිරිමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් පත්කරනු ලබන කමිටුවේ නිර්දේශයන්ට අනුව වැඩිම ලකුණු ලබාගන්නා ගුවන් භටයා හා ගුවන් කාන්තාව වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ලෙස සමිමාන ලබන අතර නව සොයාගැනිමි හා නව නිපයුමි සිදුකරනු ලබන කාණ්ඩායම් සදහාද මෙහිදි සමිමාන පිරිනමන ලදි.
 
ඒ අනුව 2023 වසරේ ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයා ලෙස ගුවන් හමුදා මොරවැව කදවුරේ රෙඡිමේනතු විශේෂ බලකායට අනියුක්තව  සේවය කරනු ලබන බලපංති සැරයන් සම්පත් කුමාර පිදුම් ලැබු අතර විශිෂ්ඨතම ගුවන් කාන්තාව ලෙස ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ රෙජිමේන්තු පුහුණු පක්ෂාංගයට අනියුක්තව සේවය කරනු ලබන කෝප‍්‍රල් ඉසන්කා රාමනායක විසින් පිදුම් ලබන ලදි.

කණ්ඩායම් අංශයෙන් "විශිෂ්ඨතම පර්යේෂණ කණ්ඩායම" ලෙස මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණ කණ්ඩායම සම්මානය දිනා ගන්නා ලදී. "ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉන්ද්‍රා මාර්ක් II රේඩාර් හි තත්‍කාලීන රේඩාර් දත්ත ප්‍රධාන ගුවන් ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ලබා ගැනීම" පිළිබඳ පර්යේෂණ සඳහා මෙම සම්මානය දිනාගන්නා ලදි

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරිතුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ගුවන් හමුදා නිළධාරින් සෙසු නිළයන් හා සමිමාන ලැබු ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි විය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි