'ගුවන් විරු ප්‍රණාම' ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය - 2011
10:06am on Wednesday 29th June 2011
'ගුවන් විරු ප්‍රණාම' ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා සභාපතිනි නීලිකා අබේවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූනි 25 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම වැඩසටහනට ජනශක්ති රක්ෂණ සමාගම තුන්වන වරටත් අනුග්‍රහය ලබා දීම විශේෂත්වයකි. මෙහිදී අවුරුදු 10 සිට 17 දක්වා ළමුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනමන ලදී. තවද මෙම ශිෂ්‍යත්වය උසස් පෙළ විභාගය දක්වා පිරි නමනු ලබයි.

මෙම උත්සවය රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේදී පැවැත්වූ අතර පාරම්පරික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආරම්භ විය. වැඩසටහන අවසානයේදී ළමුන්ට ගුවන් හමුදා කෞතුකාගාරය නැරඹීමටද අවස්ථාව උදා විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි