වසරේ විශිෂ්ඨ ගුවන් භටයා සම්මානය 2010
8:32am on Tuesday 26th July 2011
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් 2010 වර්ෂයේ මුල සිට අග දක්වා කාලය තුල ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට එහා යමින් නිර්මාණශීලි, නිපැයුම්, සොයා ගැනීම් ආදී නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු කල විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව තෝරා තිළිණ ප්‍රධානය කරමින් ගෞරව දැක්වීමේ උළෙලක් පසුගිය ජූලි 20 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

එක් එක් වෘත්තීන්ට අදාල හොඳම සේවා පුද්ගලයා තේරීමේදී පිළිගත් ක්‍රමවේදයකට අනුව එක් එක් වෘත්තීන්හි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් සුදු කළ අධීක්ෂණයන් යටතේ පසුගිය වර්ෂයේ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් කල දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම තෝරා ගැනීම සිදු කරන ලදී. ගගන ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සැපයුම්, පරිපාලන, භූමි මෙහෙයුම්, සෞඛ්‍යය සහ දන්ත වෛද්‍ය සේවාවන්හි නියුතු වූවන් මේ සඳහා තෝරා ගන්නා ලදී.

ඉහත සඳහන් ඒ ඒ වෘත්තීන් අතරින් වැඩිම ලකුණු ලබා ගන්නා සේවා පුද්ගලයා, වසරේ විශිෂ්ඨතම සේවා පුද්ගලයා ලෙස සම්මාන ලැබීමට සුදුසුකම් ලබයි. ගුවන් හමුදාවේ වැඩකටයුතු පහසු කරගැනීමට කරනු ලබන නව සොයා ගැනීම් සිදු කරන කණ්ඩායම සඳහාද සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු කරනු ලබයි. මෙම තෝරා ගැනීම් සියල්ල සිදුකරනු ලබනුයේ ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී ප්‍රධාන කමිටුවක් මගිනි.

වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා තේරීමේ තරඟයේ සංවිධායක මණ්ඩලයේ සභාපති එයාර් කොමදෝරු අජන්තද සිල්වා මහතා විසින් පිලිගැනීමේ කතාව කරමින් ගුවන් හමුදාපතිතුමන් ඇතුළු පිරිස ගෞරවයෙන් පිළිගන්නා ලදී. සම්මාන ප්‍රධානයෙන් අනතුරුව ගුවන් හමුදාපතිතුමන්
උත්සවය අමතමින් කියා සිටියේ මෙවැනි තරඟ සංවිධානය කිරීමෙන් ඉදිරියේදී ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හැකියාවන් සහ කැපකිරීම් දිරිගැන්විමක සිදුවන අතර හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ඨ ගුවන් හමුදාවක් නිර්මාණය වන බවයි.

මෙම සුවිශේෂි උත්සව අවස්ථාවට ගුව හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරි ගුවන් කොමදෝරු සී.ආර්. ගුරුසිංහ, සංවිධායක කමිටු සභාපති සහ නියෝජ්‍යය අධ්‍යක්ෂ ගගන ඉංජිනේරු ගුවන් කොමදෝරු එල්. එච්. ඒ. සිල්වා මෙම අවස්ථාවට සහභාගි විය.

තවද ගුවන් හමුදාවේ සිටින ජ්‍යෂ්ඨතම ගුවන් භටයා සහ ගුවන් කාන්තාව වන ප්‍රධාන බලලත් නිළධාරි ජයසුන්දර සහ බලලත් නිළධාරිනි නිලන්ති ද මෙම තිළිණ ප්‍රධාන උත්සවය වෙනුවෙන් සහභාගී විය.

වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා
සැරයන් කුමාර කේ.පී.එස් - ගගන ඉංජිනේරු




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි