ආසියානු සම්මේලන අභියෝගතා පාපන්දු සංචිතයට ගුවන් හමුදාවෙන් තිදෙනෙක්...
5:29pm on Wednesday 17th February 2010
2010 ආසියානු සම්මේලන අභියෝගතා කුසලාන පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් හමුදා ක්‍රීඩකයන් තිදෙනෙකු එක් වී සිටිති. නාගුභ රහීම් ආර්.ටී.ජී, නාගූභ ලංකේශ්වර බන්ඩාර හා නාගුභ ශන්මුගරාජා සංජීව් මෙලෙස ගුවන් හමුදා පාපන්දු කණ්ඩායමෙන් ජාතික සංචිතයට එක්වූ ක්‍රීඩකයින් වේ. 


මෙම තරගාවලිය පෙබරවාරි 14 වෙනදා සිට 27 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර රටවල් 8ක් ඒ සදහා සහභාගි වෙයි.ඉන්දියාව,ශ්‍රී ලංකාව, බංගලාදේශය, දකුණු කොරියාව, මියැන්මාරය, ටජිකිස්ථානය, ටර්ක්මේනියාව සහ කිරිගිස්ථානය මේ සදහා සහභාගි වන රටවල් වේ. සුගතදාස පාපන්දු ක්‍රීඩාංගනයේ සහ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගනයේ මෙම තරග පැවැත්වේ.


ආසියානු සම්මේලන අභියෝගතා පාපන්දු සංචිතයට ගුවන් හමුදාවෙන් තිදෙනෙක්...        ආසියානු සම්මේලන අභියෝගතා පාපන්දු සංචිතයට ගුවන් හමුදාවෙන් තිදෙනෙක්...        ආසියානු සම්මේලන අභියෝගතා පාපන්දු සංචිතයට ගුවන් හමුදාවෙන් තිදෙනෙක්...
           රහීම්                       ලංකේශ්වර            සංජීව්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි