47 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව විසිර යයි
10:22am on Monday 19th September 2011
චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ පැවති අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන
පාඨමාලාව හැදැරූ අධිකාරී නොලත් නිළධාරීන් පසුගිය සැප්තැම්බර් මස 05 වන දින
විසිර ගියහ.රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධිත මෙම පාඨමාලාව හැදැරූ 91 දෙනා අතරට ගුවන් හමුදා ජේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 56 දෙනෙකු, කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 33
දෙනෙකු සහ නාවික හමුදා සුළු නිළධාරීන් 02 ඇතුලත් වුහ.
 
අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසලේ ශ්‍රවණාගාරයේ පැවති මෙම සම්මාන ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙහෙයුම් භූමී ගුවන් කොමදෝරු එම් එල් කේ පෙරේරා සහභාගි විය.
 
සති එකලොහක කාලයක් පුරාවට, පුළුල් විෂය මාලාවකින් සන්නද්ධව නායකත්වය පිළිබඳ
විශිෂ්ඨයින් වෙමින් ඔවුන් විසිර ගිය අතර අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසලේ අණදෙන නිළධාරී ලෙස විංග් කමාන්ඩර් ටී.වී.ඩී දේශප්‍රිය කටයුතු කරන අතර ප්‍රධාන උපදේශක ලෙස බලඝණ නායක පී.එන්. ජයවික්‍රම කටයුතු කරනු ලබයි. බලඝණ නායක එ.එස්. වැලිසර, බලඝණ නායක ආර්.එස්.ඒ.එන්.ඊ රාජපක්ෂ සහ බලඝණ නායක ජේ.බි. පුස්සදෙනිය, නියමු නිලධාරී ඒ එල් එම් ඒ ලියනාරච්චි උපදේශකයින් ලෙස කළමණාකරන පාසලේ සේවය කරනු ලබයි.
 
විශේෂ කෘශි කර්ම ව්‍යාපෘතියේ සම්බන්ධීකරන නිලධාරී ගුවන් කොමදෝරු ඒ පී එස් නරසිංහ,කණිෂ්ට අන හා මාන්ඩලික පාසලේ ප්‍රධාන උපදේෂක විංග් කමාන්ඩර් ඩී එච් එස් අමරසිංහ හා අංක 01 පියාසර පුහුණු පාසලේ අණදෙන නිලධාරී බලගණ නායක එම් එන් අල්විස් යන නිලධාරින් මෙම සම්මාන උළෙලට සහභාගි විය.
 
මෙම පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂ ජ්‍යෙෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස ලිපිකරු පොදු රාජකාරී වෘත්තියෙන් සේවයේ නියුතු බලපන්ති සැරයන් ප්‍රේමසිරි සම්මාන ලැබූ අතර සැම අතින්ම දක්ෂ කණිෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස වෛද්‍ය රසායනාගාර තාක්ෂනවේදී වෘත්තියෙන් සේවයේ නියුතු කෝප්‍රල් බන්ඩාර එච් එම් කේ එස් එච් සම්මාන ලැබීය. 




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි