ගුවන් භටයින්ගේ ඉංග්‍රීසි කුසලතා ඔප්නැංවේ
5:32pm on Monday 24th September 2012
අංක 29 ගුවන් භට හා අංක 03 ගුවන් කාන්තා අවිකරු උසස් පාඨමාලාවේ ගුවන් භටයින්ගේ ඉංග්‍රීසි කුසලතාවයන් ඔප්නැග්වීමේ අරමුණින් පවත්වනු ලබූ ඉංග්‍රීසී කුසලතා ප්‍රසංගය පසුගියදා (18 සැප්තැම්බර් ) අම්පාර රෙජිමේන්තු පුහුණු පක්ශාංගයේ ප්‍රධාන ශාලාවේදී පැවැත් වින.අම්පාර කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් එන් එන් ඩී ඒ නනායක්කාර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු  අතර අංක 39 රෙගිමේන්තු පක්ෂාංගයේ අනදෙන නිලධාරී ස්ඣුඅඩ්‍රොන් ලේඩර් එන් පී පෙරේරා, නිලධාරි අනදෙන පුහුණු ස්කොඩ්‍රොන් ලීඩර් එස් ඩී ඩී ජේ රණසිංහ යන නිලධාරීහු මේ අවස්ථාවට එක් විය.

පුරා සතියක කාලයක අධ්‍යනයකින් අනතුරුව නාට්‍ය, ගීත හා කතන යන අංග වලින් සමන්විත වූ අතර ස්කොඩ්‍රොන් ලීඩර් ජේ බී පුස්ස දෙනිය මෙම පාඨමාලාවේ ඉංග්‍රීසී පුහුණු උපදේශක ලෙස කටයුතු කරමින් පුහුණු ගුවන් භටයින්ගේ සැගවුණු කුසලතාවයන් මනාව එලිදැක්වීමට කටයුතු කිරීම ප්‍රසන්සනීය කරුනකි.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි