කටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේ.
9:35pm on Thursday 4th March 2010
දිගු කලක සිට පැවති අවශ්‍යතාවයක් සපුරාලමින් ගුවන් හමුදාධිපති තුමාගෙ සංකල්පයකට අනුව කදවුරු පුද්ගලයන්ගේ සුබසාධනය උදෙසා සියලු පහසුකම් වලින් සපිරි ආපන ශාලාවක් අද දින(04 මාර්තු 2010) වැඩිම පිරිසක් සිටින ගුවන් හමුදා කදවුර වන කටුනායක කදවුරේදී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක  විසින් විවෘත කරන ලදී.

මෙහි සැලසුම මෙන්ම ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉන්ජිනේරුවන් විසින් භාර ගෙන මනස්කාන්ත ආපන ශලාවක් කදවුරට ලබා දී ඇත. ගුවන් හමුදා සේවා පුදගලයින්ගෙන් පෝෂණය වන "ගුවන් හමුදා සුභසාදක අරමුදල" මෙහි සියලු බර පැන දරන ලදී.

2009 ජනවාරී මාසයේදී කදවුරු අණ දෙණ නිලධාරී ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ මහතාගේ අධීක්ෂණයට යටත්ව ගුවන් ධාවන පථ ඉදි කිරීමේ පක්ෂාංගයේ අනදෙණ නිළධාරී විංග් කමාන්ඩර් රසික බෙල්ලනගේ කටයුතු සිදු කරගෙන ගිය අතර මෙයට අවශ්‍ය සැපයුම් නිසි කලට ලබා දීමට බළඝණ නායක ධම්මික සමරකෝන් කටයුතු කරන ලදී.

සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කර ඇති මෙහි ඇතුලත 200 කට පමණ ඉඩ පහසුකම් ඇති අතර සිසිල් පවන් රැල් පහස විදිමින් පිටත 50 කට පමණ ආහාර පාන ලබා ගැනීමට මෙහි පහසුකම් සපයා ඇත.

මීට අමතරව මනාව ඉදි කරන ලද ආලින්දයන් තුනකින් මෙය සමන්විත වන අතර පිටත පරිසරයද මනස්කාන්ත අයුරින් සකසා ඇත. උසස් තත්වයේ පවතින පවුලේ ආපන ශාලාවක ආකාරයට සකසා ඇති මෙහි ඇතුලු වන පුද්ගලයින්ට තමන්ට අවශ්‍ය ආහාර පාන පහසුවෙන් තෝරා ගැනීමටත්, ඒවා ඉක්මනින් ලබා ගැනීමටත් හැකි වන අයුරින් පහසුකම් සපයා තිබීම විශේෂත්වයකී.



කටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේකටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේකටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේකටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේකටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේකටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේකටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේකටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේකටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේකටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේකටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේකටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේකටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේකටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේකටුනායක කදවුර තුල ආපන ශාලාවක් විවෘත කෙරේ

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි