අංක 26 මුලික පැරෂුට් පැනිමේ හා අංක 05 නිදහස් ආර පැරෂුට් පැනිමේ ගුවන් භටයින්ගේ පුහුණු පාඨමාලාවන් සාර්ථකව විසිර යයි
12:25pm on Thursday 18th October 2012
ශ්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුටි පුහුණු පාසලේ තවත් එක් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් එහි 26 වන මුලික පැරෂුටි පැනීමේ පුහුණු පාඨමාලාව හා අංක 05 නිදහස් ආර පැරෂුට් පැනීමේ පුහුණු පාඨමාලාවන් සාර්ථකව හැදැරූ ගුවන්භටයින් හතලිස් දෙදෙනෙකුගේ විසිරයාමෙ උත්සවය 2012 ඔක්තෝම්බර් මස 12 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී ශ්‍රිලංකා ගුවන් හමුදා මෙහෙයම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.තවද මෙම අවස්ථාව සදහා අම්පාර ප්‍රදේශයේ නාවික හමුදා අඥාපති කොමදෝරු යු.අයි සේරසිංහ මහතා, ගුවන් හමුදා අම්පාර කදවුරු අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් එන් එන් ඩී ඒ නානායක්කාර මහතා, ශ්‍රී ලංකා පොලිසිය ඇතුඑ ත්‍රිවිධ හමුදාවේ උසස් නිළධාරින් සහභාගි විය.

මෙම පැරෂුටි පාඨමාලාව 2012 අගෝස්තු මස 13 දින සිට පුරා මාස 02ක අසීරු ගොඩබිමි පුහුණුවකින් පසු අමිපාර සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු වලදී අඩි 1000 ක උස සිට පැරෂුටි පැනීමි 07ක් සමිපුර්ණ කර අද දින විසිර යන මෙම පැරෂුටි භටයින් සාර්ථකව විසිර යන ලදී.

මෙම විසිර යාමේ උළෙල විචිත්‍රවත් කරමින් සංදර්ශනාත්මකව ගුවන් හමුදා ’ස්කයි ඩයිවර්ස් විශේෂ පැරෂුටි කණ්ඩායම අඩි 5000 ක ඉහල අහසේ සිට නිදහසේ පහලට වැටෙමින් ඉදිරිපත් කල සුවිශේෂ පැරෂුටි පිමි සහ ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමල ගුවන් හමුදා වර්ණ බලගණය ඉදිරිපත් කල සරඹ හා තුර්යවාදන සංදර්ශනය කාගේත් නෙත් සිත් පැහැර ගන්නා ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි