3 වන ජාතික පාපැදි තරගාවලියේ සමස්ත ශුරතාවලියම ගුවන් හමුදාවට
2:02pm on Friday 30th November 2012
3 වන වරට සංවිධානය කරන ලද ජාතික පාපැදි ශුරතාවලිය 2012 හි සමස්ත ශුරතාවලිය දිනා ගැනීමට ගුවන් හමුදා පාපැදි ක්‍රීඩකයින් සමත් විය. මෙය 2012 නොවැම්බර් මස 25 දින පැවැත් වූ අතර කාණ්ඩ 3ක් යටතේ පැවැත් වූ මෙම තරගාවලිය කලුටර සිට ගල්ල දක්වාත් ගාල්ල සිට කලුටර දක්වාත් කි.මී 150 දුරක් ගේවා යාමට තරග කරුවන්ට සිදු විය.

විවෘත අංශයේ සුපිරි දාවකයා ලෙස ගුවන් හමුදාවේ නා.ගු.භ. බුද්ධික වර්ණකුලසුරිය, අවු. 23 පහල සුපිරිතම ක්‍රීඩකයා ලෙස ගුවන් භට පුෂ්පකුමාර, දක්ෂතම යොවුන් ක්‍රීඩකයා ලෙස ගුවන් භට මහවලගේ විදුජ ලෙස පිලිවෙලින් තේරි පත් වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි