ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර
7:26pm on Tuesday 9th March 2010
ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන දිනය පේරාදෙනිය සිංගර් ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටින් නිමාවට පත් විය. තරගයේ දෙවන දිනය වූ අද දින පාලවී මංසන්දියෙන් ආරම්භ වූ අතර කදුකර ගමන් මාර්ගයක දුශ්කර ධාවනයක යෙදීමට තරග කරුවන්ට සිදු විය.

තරගයේ දෙවන අදියරේ ජය හිමිකර ගැනීමට සමත්වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් තරග වැදුනු සරත් කුමාරය. ඔහුට තරගය නිමා කිරීමට පැය 03 විනාඩි 24 තප්පර 52 කාලයක් ගතවිය.

ශ්‍රී ලංකා යුධ හමුදා ඒ කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදි ලක්ෂ්මන් විජේරත්න ස්ප්‍රින්ට් වටයෙ ජය හිමිකර ගැනීමට සමත් විය. ක
දු නැගීම අංශයේ ප්‍රථම ස්ථානය දින ගැනීමට ජර්මන් ශ්‍රී ලංකා පාපැදි සමාජය නියෝජනය කරමින් තරග වැදුන එච් එල් ක්‍රිශාන්ත සමත් විය.

තරගයේ තෙවන දිනය හා අවසාන දිනය හෙට (10 මාර්තු 2010) පෙරවරු  8.30 සෙන්කඩගල පුරවරයෙන් ආරම්භවී කි. මී. 140ක් නිමා කර රජරට පුරවරයේ අග නගරය වන අනුරාධපුරයෙන් අවසන් වනු ඇත.

දෙවන දිනයේ තරග කරුවන්ගේ දක්ෂතා මෙසෙ දැක්විය හැක.

ස්ප්‍රින්ට් තරගය

01 - ලක්ෂ්මන් විජේරත්න  - යුධ හමුදා ඒ
02 - ඩේන් නුගේරා           - ගුවන් හමුදා ඒ
03 - නලින්ද කුමාර           - නාවික හමුදාව ඒ

කදු තරණය
01 එච් එල් ක්‍රිශාන්ත   - ජර්මන්-ලංකා පාපැදි සමාජය

02 වන අදියරේ ජයග්‍රහකයින්
01 සරත් කුමාර          - නාවික හමුදාව ඒ
02 එච් එල් ක්‍රිශාන්ත   - ජර්මන්-ලංකා පාපැදි සමාජය
03 ජනක හේමන්ත     - නාවික හමුදාව ඒ

කණ්ඩායම් ශූරතාවය
නාවික හමුදා ඒ කණ්ඩායම

පළමු වන සහ දෙවන අධියරයන් අවසානයේ ඉදිරියෙන් සිටින තරග කරුවන් වනුයේ
01 - දිලීප ප්‍රභාත්             - යුධ හමුදා ඒ               - 08:21:24
02 - ජීවන් සදකැලුම්       - වරාය අධිකාරිය          - 08:21:28
03 - ජානක විජේසිංහ      - යුධ හමුදා ඒ               - 08:29:06
04 - ඉසුරු ප්‍රභාත්            - ඩී ඒම් සි සි                 - 08:29:07
05 - ලක්ෂ්මන් විජේරත්න- යුධ හමුදා ඒ               - 08:29:32
06 - මොහමඩ් සාලිප්       -  පොලිසිය
ඒ              - 08:29:40
07 - නලින්ද කුමාර         - නාවික හමුදාව බී        - 08:30:26
08 - සරත් කුමාර            - නාවික හමුදාව ඒ        - 08:30:29
09 - බී එල් සුමනසේකර  - වරාය අධිකාරිය          - 08:31:20
10 - එච් එල් ක්‍රිශාන්ත     - ජර්මන්-ලංකා             - 08:31:29

මේ අතර අධියරයන් දෙකක සමස්ථ කණ්ඩායම් දක්ෂතා වනුයේ

01 - යුධ හමුදා ඒ        - 25:19:57
02 - නාවික හමුදා ඒ   - 25:31:53
03 - නාවික හමුදා බී   - 25:33:38
04 - ගුවන් හදා ඒ       - 25:38:59
05 - ජර්මන්-ශ්‍රී ලංකා  - 25:40:27

ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර” ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර” ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර” ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර” ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර” ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර” ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර” ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර” ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර” ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර” The 02nd day of Guwan Hamuda Papedi Sawariya


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි