ගුවන් හමුදා පාපැදි සවාරිය 2013
9:12am on Tuesday 5th March 2013
ගුවන් හමුදා 62 වන සංවත්සරයට සමගාමීව 14 වන් වරටත් සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මස 01 දින සිට 03 දක්වා අදියර 03ක් යටතේ පැවැත් වින.මේ සදහා උතුරු නැගෙනහිර ඇතුලුව දිවයින පුරා විහිදී සිටින පාපැදි සමාජ වලින් ක්‍රීඩකයින් තරග වැදුනු අතර මොවුන් සදහා කි.මී. 420 දුර ප්‍රමානයක් ගෙවා යාමට තරගකරුවන්ට සිදු විය.සමස්ථ තරගාවලියේ ජයග්‍රහනය ශ්‍රී ලංකා පොලීසියේ උපුල් ලියනගේ හට හී වූ අතර දෙවන ස්ථානය ගුවන් හමුදාවේ මදුසංක පෙරේරා හට  හීමී විය.තරගාවලියේ කණ්ඩායම් ජයග්‍රහනය දිනා ගැනීමට යුධ හමුදා කණ්ඩායම සමත් වූ අතර දෙවන ස්ථානය දිනා ගැනීමට ගුවන් හමුදාව සමත් විය.

මෙහිදී කාන්තා අංශයේ තරග මාර්තු මස 03 වන දින කටුකුරුන්ද නගරයෙන් ආරම්භවී ගුවන් හමුදා මූලස්ථානයෙන් අවසන් විය.මෙහි ස්මස්ථ තරගාවලියේ ජයග්‍රහනය අයේශා සුමනවීර දිනාගත් අතර ඉරේෂා මධුශානී දෙවන ස්ථානය දිනා ගන්නා ලදී.ප්‍රථම වරට කාන්තා අංශයේ කණ්ඩායම් තරග පැවති අතර එහි ජයග්‍රහනය ගුවන් හමුදා කණ්ඩායම සතු විය.

ගුවන් හමුදා පාපැදි සවාරියේ ත්‍යාග බෙදා දීමේ උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා කොළඹ කදවුරේදී පැවැත් වින.මේ අවස්ථාව සදහාගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කේ. ඒ ගුණතිලක, ශ්‍රී ලංකා පාපැදි අතුරුපාලක කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ශල් ජී.පී බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය හා මෙම තරගාවලිය සදහා අනුග්‍රාහකත්වය දක්වන එල්.ජී අබාන්ස් ආයතනය,රූපවාහිනි එයි නාලිකව  එක් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි