අන්තර් ඒකක පාපන්දු ශුරතාවය ගුවන් හමුදා අනුරධපුර කදවුරට
12:38pm on Tuesday 19th March 2013
2013 මාර්තු මස 15 දින ගුවන් හමුදා ඒකල කදවුරු පරිශ්‍රයේදී පැවති අන්තර් ඒකක පාපන්දු ශුරතාවය ඉතා තියුනු තරගාවලියකින් අනතුරුව ලකුනු 3-0 ලෙස ලබාගනිමින් දිනා ගැනීමට ගුවන් හමුදා අනුරාධපුර කදවුර සමත් විය.ගුවන් හමුදා මොරවැව කදවුර අනුශුරතාවය දිනා ගැනීමට සමත් විය.

දක්ෂතම ක්‍රීඩ්කයා ලෙස ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ ගුවන් භට දුෂාන්ත ඩබ්.ඒ.පී තේරී පත් වුන තර, දක්ෂතම ගෝල රකින්නා ලෙස ගුවන් හමුදා මොරවැව කදවුරේ ගුවන් භට වැලිගම දිනා ගැනීමට සමත් විය.

ත්‍යාග බේදාදිමේ උත්සව්ය සදහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උප සභාපති පෙවෙනෙන්තරන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. තවද මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා පාපන්දු සම්මේලනයේ සභාපති එයර් වයිස් මාර්ෂල් පී.ඩී.ජේ කුමරසිරි, ගුවන් හමුදා අනුරාධපුර කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්.එස්.එස් තුයියකොන්තා, ගුවන් හමුදා ඒකල කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී රනසිංහ යන නිලධාරීන්ද මේ අවස්ථාවට එක් විය.


 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි