විරු දරු තිළිණ - විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා ශිෂ්‍යාධාර
5:13pm on Monday 25th March 2013
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ගුවන් හමුදා සේවා සහ සිවිල් පුද්ගලයින් ගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා ශිෂ්‍යාධාර ප්‍රධානය කිරීමේ උත්සවයක් මාර්තු මස 20 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච්ඩී අබේවික්‍රම මැතිතුමන්ගේ සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී නිලීකා අබේවික්‍රම මැතිනියගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මුලස්ථානයේදී පැවැත්විනි. මෙම උත්සවයේදී ගුවන් හමුදා සේවා සහ සිවිල් පුද්ගලයින්ගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 83 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යාධාර ප්‍රධානය කෙරිනි.

මෙම අවස්ථාව වෙනුවෙන් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කේඒ ගුණතිලක ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි