ගුවන් හමුදා මඩකලපුව කදවුර සිය 30 වන සංවත්සරය සමරයි
12:30pm on Monday 1st April 2013
ගුවන් හමුදා මඩකලපුව කදවුර සිය අභිමානවත් 30 වන සංවත්සරය සමරය පසුගිය 27 වන දින සමරන ලදී.සංවත්සර දින වැඩ පෙලපාලිය අවසානවීමත් සමග කදවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඩබ්.එම්.ඒ.බී වැවේගම කදවුරු සේවා පුද්ගලයින් අමතා කදවුරේ පැවැත්මට හා සංවර්ධනය වෙනුවෙන් ක්‍රියා කල සැමට කෘත්ඥතාවය පල කලහ.අනතුරුව යුද්ධයේදී මිය ගිය සිවිල් හා සේවා පුද්ගලයින් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ෂබ්ද තාවයක් ද පැවැත් වින.

මඩකලපුව හෙද විදුහලේ ගැබිනි මවුවරුන් 100 උදෙසා දහවල් අහාරය ලබාදීමට මඩකලපුව කදවුරු සේවා වනිතා ඒකකය විසින් කටයුතු කල අතර සංවත්සරය සැමරීම සදහා සියළු නිලයන්ගේ සහභාගිත්වයෙන් ක්‍රීඩා තරග පැවැත් විය.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි