කටුනායක විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගය 55 වන සංවත්සරය සමරයි
11:00am on Friday 5th April 2013
කටුනායක විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගයේ 55 වන සංවත්සර සැමරුම අප්‍රේල් මස 01 දින සර්ව ආගමික වතාවත් සමගින් කඳවුරු පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.තවද බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගමික වතාවත්  මෙහිදී ඉටු කරන ලදී.

මෙම සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන අරාධිතයින් ලෙස විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ආර්.ජේ පතිරගේ සහ මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා වන විශ්‍රාමලත් ගෲප් කපිතාන් රණසිංහ යන අය සහභාගී වූහ.

සනවත්සර දින වැඩපෙලපාලිය අණදෙන නිලධාරී කේ.එම්.ජී.බී ප්‍රියකාන්ත විසින් පරික්ෂාකිරීමෙන් අනතුරුව ආරම්භ විය. සන්වත්සරය අර්තවත් කිරීම සදහා අබාදිත තත්වයට පත්වූ කෝප්‍රල් වීරසූරිය හා සමන් කුමාර සිවිල් සේවක මහතාට මුල්‍යමය ආධරයක් ද සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි