එයාර් චීෆ් මාර්ෂල් ඒ ඩබ්ලිව් ප්‍රනාන්දු
Air Chief Marshal A W Fernando VSV,ndc,psc
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හත් වන ගුවන් හමුදාපති වරයා ලෙස 1985 මැයි මස 01 වන දින එයාර් මාර්ෂල් නිලයට උසස්වීම් ලැබූ අන්දිබුදුගේ වෝල්ටර් ප්‍රනාන්දු මැතිතුමා පත් විය.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ එතුමා 1953 ජනවාරි මස රාජකීය ලංකා ගුවන් හමුදාවට බැඳුනේ දේශීයව පුහුණුව ලැබූ දෙවන කෙඩෙට් නිලධාරී පාඨමාලාවය එක් වෙමෙනි. පුහුණුව නිමවා ගුවන් නියමුවෙකු ලෙස අධිකාරී ලැබීමෙන් අනතුරුව ඔහු එක්සත් රාජධානියේ ගඟන යාත්‍රික ක්ෂේස්ත්‍රය (Navigation) පිලිබඳවා හා භූමි උපදේශක කටයුතු පිලිබඳව පාඨමාලාවක් හැදෑරිය. ලංකාවට පැමිණි මෙතුමා 1958 දී කටුනායක කඳවුරු ගඟන යාත්‍රික නිලධාරියා ලෙස පතුවූ අතර වසරකට පසු කටුනායක පියාසර පක්ෂාංගයේ ප්‍රධාන භූමි උපදේශක තනතුරද හෙබවීය.


කටුනායක අංක 04 බලඝණයේ අණ දෙන නිලධාරී ලෙස කටයුතු කළ මෙතුමා එම ඒකකය අංක 04 බළඝණය ලෙස උසස් කිරීමෙහි ලා මහඟු දායකත්වයක් සැපයීය. පසුව චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සේනා විධායක චීන වරාය හා කටුනායක ගුවන් හමුදා කඳවුරුවල අණ දෙන නිලධාරී ධූරයන්ටද මෙතුමා පත් විය.

මෙතුමාගේ සේවා කාලය බ්‍රැක්නෙල්හි රාජකීය ගුවන් හමුදා මාන්ඩලික විද්‍යාලයෙන් හා නවදිල්ලියේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් ලද පුහුණුවෙන් මනා පන්නරයක් ලැබීය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ප්‍රවාහණ බලඝණය ශක්තිමත් කරනු වස් වයි 12 හා වයි 8 ප්‍රවාහණ යානා එක් කිරීම මෙතුමාගේ පාලන සමයේ සිදුවූ කැපී පෙනෙන සිද්ධීන් විය. තවද ශ්‍රී ලංකා හමුදාවන් දියත් කළ විශාලතම ක්‍රියාන්විතය වූ වඩමාරච්චි මෙහෙයුමට සක්‍රියව දායක වීමට ගුවන් හමුදා වට හැකි විය.

එයාර් මාර්ෂල් ප්‍රනාන්දු මැති තුමාගේ දීර්ඝ හා උත්කෘෂ්ඨ සේවය අගයනු වස් 1983 දී විශිෂ්ඨ සේවා විභූෂණයෙන් පිදුම් ලැබීය. 1990 ජුලි 31 වන දින සේවයෙන් විශ්‍රාම ගිය මෙතුමා එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කරනු ලැබුවේ එම නිලයට පත් වූ ප්‍රධම ගුවන් හමුදා නිලධාරියා වීමේ ත්‍යගය ලබමිනි. ඉන් අනතුරුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පාත්‍ර වූ මෙතුමා එම ධූරයට පත් වූ ප්‍රථම ගුවන් හමුදා නිලධාරියා වීමේ භාග්‍යද උදා කර ගත්තේය. මෙතුමා 2008 වර්ෂයේදී දේශමාන්‍ය ගරු නාමයෙන්ද පිදුම් ලැබීය.


ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි