එයාර් චීෆ් මාර්ෂල් ජී.ඩී පෙරේරා
Air Chief Marshal G D Perera VSV, USP, ndc, psc
1972 ජනවාරි 12 වන දින ගුවන් හමුදා විද්‍යාපීටයේ 01 වා කැඩෙට් නිලධාරී පාටමාලාවට එක්වූ ගබඩාරච්චිගේ ඩොනල්ඩ් පෙරේරා මූලික ගොඩබිම් හා පියාසර පුහුනුවන්ගෙන් අනතුරුව 1973 ඔක්තෝම්බර් 19 වන දින අධිකාරි ලැබූවේ අනාගත ගුවන් හමුදාධිපති වරයකුගේ මූලික අඩිතාලම දමමිනි.මෙතුමා ගල්කිස්ස ශාත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වේ.

මෙතුමාගේ දීර්ඝ පියාසර කාල වකවානුව ප්‍රවාහන ගුවන් යානා පැදවීමට කැපවූවක් විය. AVRO HS 748,Y8,Y12 ඇතුළු ප්‍රවහන යානා රැසක් දීර්ඝ කාලයක් පැදවූ මෙතුමා චීන වරාය ගුවන් හමුදා කදවුරු අනදෙන ඉලධාරී බටහිර හා නැගෙනහිර කලාපීය ආඥාපති ධූරයෙන් ගෙන්ද ලද හසල අත්දැකීම් පදනම් කරගෙන 1998 දෙසැම්බර් මස 20 වන දින ගුවන් හමුදාවේ මාන්ඩලික ප්‍රධානි ලෙස තේරී පත් විය. 2002 ජූලි මස 16 වන දින එයාර් මාර්ෂල් නිලයට උසස් වීමත් සමග ගුවන් හමුදාව එකලොස්වන ගුවන් හමුදාපති ලෙස අභිශේක ලැබීය.

ගුවන් හමුදාවේ දීර්ඝ සේවා කාලයෙන් හසල අත්දැකීම් ලද මෙතුමා ඇමෙරිකාවේ මැක්ස්වෙල් ගුවන් හමුදා කදවුරෙහි මාණ්ඩලික විද්‍යාලයෙන් හා ඉංදියාවේ නවදිල්ලි නුවර ජාතික ආරක්ෂක විද්‍යාලයෙන්ද පුහුණුව ලබා ඇත. එයාර් මාර්ෂල් පෙරේරාගේ පාලන සමයේදී රට තුල අස්ථාවර සාමයක් පැවතුනි. එනමුදු ගුවන් හමුදාවේ සංග්‍රාමික ශක්තිය මදකින් හෝ අඩු නොවී පවත්ව ගෙන යාමට මෙතුමා කටයුතු යෙදීය. මෙසේ ගුවන් ශක්තිය වර්ධනය කිරීමේ වැදගත්කම පසු කාලීන වර්ෂව්ලදී මැනවින් පසක් වින. 2004 වසරේ සුනාමී ව්‍යවසනයේදී හ වෙනත් ස්වභාවික විපත් වලදී සහන සේවා කටයුතු වලට සක්‍රීයව දායක විය.

සිය විශිෂ්ඨ වූත් දීර්ඝවූත් සේවය උදේඅ විශිෂ්ඨ සේවා විභූෂණයෙන් හා උත්තම සේවා පදක්කමින් පිදුම් ලැබීය.මෙතුමා 2006 ජුනි 11 වන දින ගුවන් හමුදාපති ධූරයෙන් සමුගත්තේය. ඉන් අනතුරුව එයාර් චීෆ් ආර්ෂල් නිලයෙන් උසස් කරනු ලැබු මෙතුමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්වූයේ සන්නද්ධ සේවා වල ඉහලම ධූරයට පත් වූ ප්‍රථම ගුවන් හමුදා නිලධාරි වරයා වෙමිනි.2009 ජූලි මස 15 වන දින මෙතුම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන්ද සමුගත්තේය.

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි