එයාර් චීෆ් මාර්ෂල් ඩබ්ලිව්.ඩී.ආර්.එම්.ජේ ගුණතිලක
ගුවන් හමුදාවේ පස්වන ගුවන් හමුදාපති අභාවප්‍රාප්ත එයාර් චීෆ් මාර්ෂල් හැරල්ඩ් ගුනතිලක මැතිදුන්ගේ වැඩිමහල් පුත් වෙල්ලාරච්චිගේ දොන් රොෂාන් මහේෂ් ජේම්ස් ගුනතිලක මැතිදුන් 2006 ජුනි මස 12 ව්න දින එයාර් මාර්ෂල් නිලයට උසස් වෙමින් ගුවන් හමුදාවේ දොළොස් වන ගුවන් හමුදාපති වරයා ලෙස පත් විය.

කොලඹ ශාන්ත පීතර විදුහලේ ආදි සිසුවකු වන මෙතුමා ඉගෙනෙඋමටත් ක්‍රීඩාවටත් දකම් පැවේය.පොදු රාජකාරී (නියමු ) ශාඛවේ කැඩෙට් නිලධාරී පාඨමාලාවට එක් වූ මෙතුමා ගොඩබිම් හා පියසර පුහුණුවෙන් පසු 1979 අගෝස්තු 24 වන දින අධිකාරයට පත් විය.

හෙලිකොප්ටර් නියමවකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ මෙතුමා සිය සේවා කාලයේ රම්භක අවධියේදීම සංග්‍රාමික මෙහෙයුම් වලට සහභාගි විය. අංක 03 සමුද්‍ර නිරීක්ෂණ බලඝනයේ හා අංක 04 හෙලිකොප්ටර් පක්ෂාංගයේ අණදෙන නිලධාරීයා වශයෙන්ද මෙතුමා කටයුතු කලේය.පියාසර බලඝන වලදී ගතකල අමතරව සංග්‍රාමිකව හා මෙහෙයුම් කටයුතු ආශ්‍රිත ධූරයන් ගණනාවක් හෙබවීමට මෙතුමාට හැකිවිය.

ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරය ස්ථාපිත කිරීමෙන් අනතුරුව එයට පත්වූ ප්‍රථම නිලධාරියා වන්නේද රොෂාන් ගුණතිලක මැතිතුමාය.ඉන් අනතුරුව මෙතුමා මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත් විය.

එතුමාගේ පාලන සමය ගුවන් හමුදාවේ මෙතෙක් මුහුන දුන් අභියෝගාත්මක සමය ලෙස හැදින්විය හැකිය.දක්ෂ ලෙස සැලසුම් සකස් කිරීම හා නිර්භීත නායකත්වය තුලින් ගුවන් හමුදාව කිසිවෙකුට නොදැවෙනි මට්ටමට ගෙන ඒමට මෙතුමාට හැකිවිය. සීමිත තාක්ෂණය හා සීමිත සම්පත් වලින් යුක්ත වූ ගුවන් හමුදාව අවමය්න් උපරිම ප්‍රයෝජනයට ගෙන දියුණුවේ හිණිපෙත්තටම ලගා විය. මෙතුමාගේ පුරෝගාමිත්වයෙන් පිහිටවූ ගුවන් ආරක්ෂන පද්දතිය පසු කාලීනව සතුරු යානා දෙකක් බිමහෙලීමට සමත් විය. මෙතුමාගේ පාල කලය තුල "බ්ලු හොරයිසන්" නම් වූ නියමුවන් රහිත නිරීක්ෂණ යානා, මිග්27, බීච් සුපර් කින්ග් යානාවක්ද, පීටී-06, කේ-08,වයි-12 යානා මිළදී ගැනීමෙන් ගුවන් හමුදාව බලය වැඩි කරන ලදී.

ත්‍රස්තවාදය තුරන් කිරීමේ සටනේදී දැක්වූ අනූපමේය නායකත්වය උදෙසා 2009 මැයි මස 18 වන දින මෙතුමා එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කරනු ලැබීය.සිය ධූර කාලය තුලදී මෙම නිලයට උසස් වූ ප්‍රථම ගුවන් හමුදා නිලධාරිවර්යා ද වන්නේ මෙතුමාය.

සංග්‍රාමික මෙහෙයුම් වලදී දැක්වූ වීරත්වය උදෙසා දෙවරක්ම රන වික්‍රම පදක්කමින් පිදුම් ලැබු මෙතුමා සිය දීර්ඝ හා උත්කෘෂ්ඨ සේවය වෙනුවෙන් විශිෂ්ඨ සේවා විභූෂණය හා උත්තම සේවා පදක්කම යන සම්මාන ලබා ඇත.

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි