එයාර් වයිස් මාර්ෂ්ල් ඒ. ර් අමරසේකර
Air Vice Marshal E R Amarasekara
 DFC & BARඒකනායක රොහාන් අමරසේකර්,රාජකීය ලංකා ගුවන් හමුදවේ හමුදාපති ධූරයට පත් ප්‍රථම ලාංකික නිලධාරිය වේ.ගුවන් කොමදෝරු නිලය දරමින් 1962 නොවැම්බර් 01 වන දින මෙතුමා මෙම ධූරයට පත් විය.පසු කාලිනව මෙතුමා එයාර් වයිස් මාර්ෂ්ල් නිලයට උසස් කරන ලදී.

රොහාන් අමරසේකර මැතිදුන් දෙවන ලෝක යුද්ධයේදී ලංකාවට ඉමහත් ආඩම්බරයක් ගෙන ආ යුධ වීරයකු විය.රාජකීය ගුවන් හමුදාවේ බෝම්බ හෙලීමේ විධායකයේ ගුවන් යන්ත්‍රික ලෙස සේවය කරමි සංග්‍රාමික මෙහෙයුම් 52 කට පමන සහභාගි වී ඇත. මෙතුමාගේ නිර්භීත භාවය උදෙසා "Distinguish Flying Cross" පදක්කම දෙවරක් 1944 හා 1945 වසර වලදී දිනාගැනීමට මෙතුම සමත් විය.1951 දී ලංකාවට පැමිණි මෙතුම බලඝන නායකයකු ලෙස ල්ංකා ගුවන් හමුදාවට සම්බන්ද විය. ඉන් අනතුරුව පොදු රාජකරී නියමු ශාඛාවට අනුයුක්තව වූ මෙතුමා අංක 01 බලගනය යටතේ පියසර පුහුණුව ලැබීය. ඉන් අනතුරුව ජේෂ්ඨ ගුවන් මාණ්ඩලික නිලධාරී ලෙස පත්වීම් ලැබු මෙතුමා හමුදාපති ධූරයට පත්වීමට ප්‍රථම මණ්ඩලික ප්‍රදනී ධූරයට පත්විය.

ගුවන් හමුදාව ලංකීකරණය කිරීමේ කටයුතු ඉදිරියට ගෙන ගිය මෙතුම විසින් රාජ්‍ය භෂාව ගුවන් හමුදාවේ දෛනික පරිපාලන කටයුතු වලදී හදුන්ව දීම, ලාංකීය තත්වයන්ට ගැලපෙන පරිහි රැජිනගේ රෙගුලාසි සංශෝද්නය කිරීම වැනි කටයුතු වලදී පුරෝගාමි විය.

ගුවන් හමුදාපති ධූරයෙන් 1971 ජනවාරි 01 දින සමුගත් මෙතුමා 1974 මර්තු මස 24 වන් දින අභාවප්‍රාප්ත විය.

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි