එයර් වයිස් මාර්ෂල් ජෝන් ලින්ඩ්සේ බාකර්
Air Vice Marshal J. L Barker 
CBE,DFC,RAF

දෙවන ලෝක යුධ සමයේ උතුරු ඇමරිකානු යුධ පෙරමුණේ වීරයකු වූ ජෝන් ලින්ඩ්සේ බාකර් මහතා රජකීය ලංකා ගුවන් හමුදවේ දෙවන ගුවන් හමුදාපතිවරයා ලෙස 1958 ඔක්තෝමර් 08 වන දින පත්විය.

1931 දී රජකීය ගුවන් හමුදාවට බැදුනු මෙතුමා 1934 දී අධිකාරියට පත් විය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලලයේ උපාධිධාරියකු වන මෙතුමා නීතිවේදියකු ද වේ.රාජකීය ගුවන් හමුද්ව සමග් වසර් 26ක අසිරිමත් සේවා කාලයක් ගතකල මෙතුමා වැදගත් ධූරයන් රාශියකම වගකීම් ඉටුකර ඇත.ඒ අතර ඊජිප්තුවේ ඉස්මයිලිය හි රාජකීය ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරී, රාජකීය ගුවන් හමුදාවේ 64 (උතුර )රාශියේ ජේෂ්යාඨ ගුවන් මණ්ඩලික නිලධාරී, රෝමයේ බ්රි තන්යශ තනාපති කාර්යලයේ ගුවන් පරිවාරක ඉලදාරී ය්න ධූරයන් වැගත් තැනක් ගනී.එයාර් වයිස් මාර්ෂල් නිලයට උසස් වීමත් සමගම මෙතුමා රාජකීය ලංකා ගුවන් හමුදාවේ හමුදාපති ලෙස පත් විය.

බකර් මැතිතුම ඉමහත් වෙහෙසක් දරා ගුවන් හමුදව පුලුල් කිරීමේ කටයුතු සිදුකළේය.මෙතුමාගේ කාල පරිච්ඡේදය තුලදී රජකීය ලංකා ගුවන් හමුදවේ ප්රදථම ජෙට් යානය "HUNTING PERVIVAL JET  PROVOST" ලංකාවට ගෙන එන ලදී.මෙතුමාගේ කාලයේදී ගුවන් හමුදව ලාංකීකරණය කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් කරන ලදී.

1962 නොවැම්බර් මස 01 වන දින හමුදාපති ධූරයෙන් ස්මුගත් මෙතුමා යළි බිතාන්ය ට පිටත්ව ගිය අතර 1963 පෙබරවාරී 26 වන්  දින ගුවන් හමුදා සේවයෙන් විශ්රා්ම යන ලදී.

එයර් වයිස් මාර්ෂල් බකර් මැතිතුමා අවූදු 93ක් ආයු වලද 2004 මැයි මස 07 වන් දින මෙලොව හැර ගියේය.


ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි