අතිගරු ජනාධිපතිතුමන් අතින් රණවිරුවන් හට නිවාස ප්‍රදානය කෙරේ
3:02pm on Monday 15th May 2017
සත්විරු සංහිද නිවාස ව්‍යාපෘතිය යටතේ තවත් නිවාස කිහිපයක් ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2017 මැයි මස 10 වන දින අපේ ගම පරිශ්‍රයේදී සිදු කෙරිණි. මේ සදහා යුධ සමයේ ත්‍රිවිධ හමුදාවේ මියගිය රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක් මෙන්ම දැනට සේවයේ යෙදී සිටින සහ ආබාධිත රණවිරුවන් සහභාගී වූ අතර ඔවුන් හට නිවාස හා ඉඩම් අයිතිය සදහා ඔප්පු ප්‍රදානය ජනපති අතින් සිදු කෙරිණි. උත්සවය අතරතුර රණවිරු පවුල්වල සිටින 05 වසර ශිෂ්‍යත්වය සමත් දරු දැරියන් හට ඔවුන්ගේ අධ්‍යාපන විශිෂ්ටත්වය අගය කරමින් ඔවුන් හට ශිෂ්‍යත්ව ප්‍රදානයක්ද සිදු කරන ලදි.

මෙම අවස්ථාවට රාජ්‍ය ආරක‍ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා ආරක‍ෂක ලේ්කම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරචිචි මහතා ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා යුධ හමුදාපති ලූතිනන් ජෙනරල් කි්‍රෂාන්ත ද සිල්වා මහතා නාවිත හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුලු රජයේ ජේෂ්ඨෂ්ඨ නිළධාරීන් ත්‍රිවිධ හමුදා ජේ්‍යෂ්ඨ නිළධාරීන් සහ ආරක‍ෂක අංශයන්හි පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි