එක්වන්න 
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති
එයාර් මාර්ෂල්
එස් කේ පතිරණ
WWV and Bar, RWP and Bar, RSP and three Bars, VSV, USP, MSc (MOA) USA, MSc (Def Stu) in Mgt, M Phil (Ind), MIM(SL), ndc (Ind), psc, qfi

එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා 1965 වසරේ දෙසැම්බර් මස 30 වන දින උපත ලැබූ අතර මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි. 1985 වසරේ ජූලි මස 02 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වන මෙතුමන් මූලික ගොඩබිම් සටන් පුහුණුව දියතලාව ගුවන් හමුදා කඳවුරේදී හදාරන ලද අතර 14 වන කැඩෙට් නිළධාරී පාඨමාලාවේ දක‍ෂතම කැඩෙට් නිළධාරියාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබීය. එසේම පාකිස්ථාන ගුවන් හමුදාවේ උසස් ගුවන් නියමු පාඨමාලාව සඳහා තේරී පත්වුණු පියාසර නියමු තිදෙනාගෙන් එක් අයෙකු වන අතර එයාර් මාර්ෂල් සුදර්ෂන පතිරණ මහතා පාකිස්ථාන ගුවන් හමුදාව විසින් පිරිනමන දක‍ෂතම මිත්‍ර ගුවන් හමුදා කැඩෙට් නිළධාරියා සම්මානයෙන්ද පිදුම් ලැබීය. මෙතුමන්, 1987 වසරේ ජනවාරි මස 2 වන දින පාකිස්ථානයේ රයිසාල්පූර්හි පාකිස්තාන ගුවන් හමුදා විද්‍යාපීඨයේදී, නියමු පොදු රාජකාරී ශාඛාවේ පයිලට් ඔෆිසර් නිළයේ අධිකාරීත්වයට පත්විය. නිරීක‍ෂණ ගුවන් යානා නියමුවෙකු ලෙස සිය මෙහෙයුම් ජීවිතය ආරම්භ කරනලද මෙතුමන් සැහැල්ලූ ප්‍රවාහන ගුවන් යානා නියමුවෙකු වශයෙන් කටයුතු කර අනතුරුව, ශ්‍රී ලංකාවේ සුපර්සොනික් ප්‍රහාරක ජෙට් යානා පියාසර කරන ලද ගුවන් නියමු කණ්ඩායමේ ප්‍රහාරක ජෙට් යානා නියමුවෙකු වශයෙන් වෘත්තීය ජීවිතයට පිවිසෙන ලදී. එයාර් මාර්ෂල් පතිරණ මහතා අංක 5 ප්‍රහාරක බලඝණයේ අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කරන ලද අතර පසුව, අංක 10 ප්‍රහාරක බලඝණයේ කෆීර් සී2/සී7 ප්‍රහාරක ජෙට් යානා නියමුවෙකු වශයෙන් කටයුතු කරන ලදී. එයාර් මාර්ෂල් පතිරණ මහතා සුදුසුකම්ලත් නියමු උපදේශකයෙකු සහ පියාසර නියමු පරීක‍ෂකවරයෙකු ද වෙයි. කෆීර් සහ එෆ් 7 ප්‍රහාරක ගුවන් යානාවන්ට අමතරව ගුවන් යානා වර්ග 10 කට අධික සංඛ්‍යාවක් පියාසර කරමින් පියාසර පැය 3500 කට අධික පියාසර පැය ගණනක් වාර්ථා කර ඇත. මීට අමතරව, වාණිජ ගුවන් යානා නියමු බලපත්‍රලාභියෙකද වන අතර ශී්‍ර ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පියාසර නියමු පරීක‍ෂකවරයෙකුද වෙයි.

එයාර් මාර්ෂල් පතිරණ මහතා සිය කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව බංගලාදේශයේ අණ හා මාණ්ඩලික පුහුණු පාසලේදී හදාරන ලද අතර ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමාහි එක්සත් ජනපද ගුවන් හමුදා ගුවන් විශ්ව විද්‍යාලයේ ගුවන් අණ හා මාණ්ඩලික පාසලේ පාඨමාලාවක් හැදෑරීමේ ගෞරවය හිමිකරගත් අතර ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමාහි ගුවන් විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන මෙහෙයුම් කලාව සහ විද්‍යාව පිළිබඳ කීර්තිමත් ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරියා බවට පත්වීමේ ගෞරවයද හිමකරගනු ලැබීය. 2004 වසරේදී එතුමන් සිය දෙවන ශාස්ත්‍රපති උපාධිය ලෙස ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක‍ෂක විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන කළමනාකරණ (ආරක‍ෂක අධ්‍යයන) ශාෂ්ත්‍රපති උපාධිය සාර්ථකව හදාර නිමකරන ලද අතර කුසලතා අනුපිළිවෙල අනුව ප්‍රථම ස්ථානය හිමිකරගන්නා ලදී. මෙතුමන් ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ජාතික ආරක‍ෂක විද්‍යාලයට ඇතුළත්වූ අතර එහිදී "ndc" ගෞරව නාමය හිමිකර ගන්නා ලද අතර 2012 වසරේදී චෙන්නායි විශ්ව විද්‍යාලයේදී දර්ශනවාදය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමිකරගන්නා ලදී.

මෙතුමන්ගේ නිකැළැල් සහ කීර්තිමත් සේවය අගයමින් එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හට "විශිෂ්ඨ සේවා විභූෂණය" සහ "උත්තම සේවා පදක්කම" ප්‍රදානය කොට තිබේ. එසේම මානුෂීය මෙහෙයුම් වලදී ඔහු දැක්වා උදාර සහ පරාර්ථකාමී දායකත්වය වෙනුවෙන් අවස්ථා අටකදී වීරෝධාර පදක්කම් ප්‍රදානය කොට තිබේ. එනම් වීර වික්‍රම විභූෂණය දෙවරක්¸ රණ වික්‍රම පදක්කම දෙවරක් සහ රණ ශූර පදක්කම සිව්වරක් වශයෙනි.

එයාර් මාර්ෂල් පතිරණ මහතා චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති ධූරයද ඇතුළත්ව ගුවන් හමුදා මූලික කඳවුරු ත්‍රිත්වයක අණදෙන නිළධාරී වශයෙන් කටයුතු කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක‍ෂක වශයෙන් පත්වී 2017 වර්ෂයේදී ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලයට එක්මෙන් අනතුරුව ගුවන් හමුදාධිපති ධූරයට පත්වීමට පෙර 2019 වසරේ සිට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කළේය.

එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා චාමිනී පතිරණ මහත්මිය සමග අතිතන ගෙන සිටිනු ලබන අතර භාෂිනී සහ විනුර ඔවුන් දෙදෙනාගේ දයාබර දරුවන් දෙපල වෙයි.

සේවා ජීවිතයේ ගමන්මග -
• 1985 - අංක14 කඩෙට් නිළධාරී පාඨමාලාවේ කඩෙට් නිළධාරියෙකුවශයෙන් ගුවන් හමුදාවට එක්වීම
• 1987 - පයිලට් ඔෆිසර් නිළයේ අධිකාරීත්වයට පත්වීම
• 1987 - මෙයෙහුම් නියමු - අංක 3 සමුද්‍රීය බලඝණය
• 1989 - මෙයෙහුම් නියමු - අංක 2 ප්‍රවාහන පක‍ෂාංගය
• 1990 - මෙයෙහුම් නියමු - අංක 5 ප්‍රහාරක බලඝණය
• 1995 - නිළධාරී අණදෙන මෙහෙයුම් / අණදෙන නිළධාරී - අංක 10 ප්‍රහාරක බලඝණය
• 2007 - උපදේශක (ආරක‍ෂක) - රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
• 2009 - නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිළධාරී - ආරක‍ෂක අමාත්‍යාංශය
• 2012 - චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති
• 2013 - කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිළධාරී
• 2015 - රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිළධාරී
• 2017 - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධක‍ෂක
• 2019 - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී

අධ්‍යාපනය / සුදුසුකම් / විශිෂ්ටතා
• දක‍ෂතම මිත්‍ර ගුවන් හමුදා කැඩෙට් නිළධාරියා - උසස් පියාසර නියමු පුහුණු පාඨමාලාව, පාකිස්ථාන ගුවන් හමුදා විද්‍යාපීඨය, රයිසාල්පූර්, පාකිස්ථානය
• සර්වකාර්ය පියාසර පුහුණු උපදේශක පාඨමාලාව, පියාසර පුහුණු පාසල, තාම්බරම් ඉන්දීය ගුවන් හමුදා කඳවුර, ඉන්දියාව.
• උපාධිධාරී - ගුවන් අණ හා මාණ්ඩලික පාසල, ගුවන් විශ්ව විද්‍යාලය, ඇලබාමා මැක්ස්වෙල් ගුවන් හමුදා කඳවුර, ඇමරිකා එක්සත් ජනපදය.
• පියාසර නියමු පරීක‍ෂක - ශී්‍ර ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය
• ඵීජ (කළමනාකරණ) - කුසලතා සාමාරථයක් සහ කුසලතා අනුපිළිවෙල අනුව පළමු ස්ථානය - ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක‍ෂක විශ්ව විද්‍යාලය
• ඵීජ - හමුදා මෙහෙයුම් කලාව - ගුවන් විශ්ව විද්‍යාලය, ඇලබාමා මැක්ස්වෙල් ගුවන් හමුදා කඳවුර, ඇමරිකා එක්සත් ජනපදය.
• ගුවන් ක්ෂේත්‍ර කළමනාකරණ ඩිප්ලෝමාව, යුක්රේන විශ්ව විද්‍යාලය.
• උපාධිධාරී - ජාතික ආරක‍ෂක විද්‍යාලය, නවදිල්ලි, ඉන්දියාව
• ඵ ඡයසක - චෙන්නායි විශ්ව විද්‍යාල, ඉන්දියාව
• උපාධිධාරී - ආසියානු පැසිෆික් ක්‍රමෝපායික අධ්‍යයනය, හවායි, ඇමරිකා එක්සත් ජනපදය.

වර්ණ සහ සම්මාන
• වීර වික්‍රම විභූෂණය දෙවරක්
• රණ වික්‍රම පදක්කම දෙවරක්
• රණ ශූර පදක්කම තුන්වරක්
• විශිෂ්ට සේවා විභූෂණය
• උත්තම සේවා පදක්කම
• විදේශ සේවා පදක්කම
• ශ්‍රී ලංකා ගුවන් හමුදා 50 වෙනි සංවත්සර පදක්කම
• ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා දීර්ඝ සේවා පදක්කම සහ සන්ධාරය
• 50 වෙනි නිදහස් සැමරුම් පදක්කම
• උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම සහ සන්ධාරය
• නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම සහ සන්ධාරය
• උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම සහ සන්ධාරය දෙවරක්
• පූර්ණ භුමි පදක්කම
• රිවිරැස මෙහෙයුම් පදක්කම සහ සන්ධාරය



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
© 2023 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි