ශ්‍රී ලංකා ගුවන් හමුදා සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය
ශ්‍රී ලංකාවේ වඩාත්ම ඵලදායි සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය වේ. සයිබර් ප්‍රහාර වලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩිජිටල් පද්ධති ආරක්ෂා කිරීම සඳහා ප්‍රථම වරට 2011 දී ගුවන් හමුදා මූලස්ථානයේදී ආරම්භ කරන ලදී. මෙම මධ්‍යස්ථානය මේ වන විට තව දුරටත් පුළුල් වී ඇති අතර ඉතා දක්ෂ ශ්‍රම බලකායකින් සමන්විත අතර අති නවීන මෙවලම් හා තාක්ෂණයන්ගෙන් සන්නද්ධව ඇත. 2018 දී මෙම මධ්‍යස්ථානය අමාත්‍යාංශ මට්ටම දක්වා උසස් කිරීමට ලක් වූ අතර ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධිත සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස නැවත නම් කරන ලදී. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙම මධ්‍යස්ථානය තුළ හදිසි සයිබර් සම්බන්ධීකරණ ඒකකයක් ද ස්ථාපිත කරන ලදී.

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්‍ෂාව සහතික කිරීමට සහ තීරණාත්මක යටිතල පහසුකම් සඳහා වන අවදානම් ආරක්ෂා කිරීමට සහ කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. මෙම මධ්‍යස්ථානය විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සහ සාමාන්‍ය ජනතාව සඳහා ඔවුන්ගේ සයිබර් ආරක්ෂණ අවශ්‍යතා සඳහා දුරකථන හරහා ඇමතීමේ සේවාවක් කින් ද සමන්විතයි. තවද,  ජාතික වශයෙන් සයිබර් ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම සඳහා නීතිය බලාත්මක කිරීමේ ආයතන, ආරක්ෂක ආයතන, අනෙකුත් සයිබර් ආරක්ෂණ ආයතන සහ දේශීය විශ්ව විද්‍යාල සමඟ මෙම මධ්‍යස්ථානය සහයෝගයෙන් කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ  සයිබර් ආරක්‍ෂාව සහතික කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්‍ෂක අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව සහ තවත් ආයතන 40 ක ඩිජිටල් යටිතල පහසුකම් ආරක්‍ෂා කිරීමේ වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදා සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත පැවරී ඇත. මෙම මධ්‍යස්ථානය සයිබර් තර්ජන අවම කිරීමේ ක්‍රියාවලිය තුළ 24x7 අධීක්‍ෂණය, විශ්ලේෂණය හා සයිබර් ප්‍රහාරවලට ප්‍රතිරෝධය දැක්වීම ඇතුළුව ක්‍රියාවලීන් රාශියක් සිදුවේ. මෙම මධ්‍යස්ථානය නවීනතම අධීක්ෂණ මධ්‍යස්ථානයකින්, ආරක්ෂක සයිබර් මෙහෙයුම් විද්‍යාගාරයකින්, සයිබර් අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයකින්, ප්‍රහාරාත්මක සයිබර් මෙහෙයුම් විද්‍යාගාරයකින්, සයිබර් බුද්ධි විද්‍යාගාරයකින් සහ හදිසි සයිබර් ආරක්‍ෂක සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් ද සමන්විත වේ.

මෙම මධ්‍යස්ථානයේ සේවය කරන  පුද්ගලයින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකයේ  විවිධ තොරතුරු තාක්ෂණ විශේෂඥතාවන්ගෙන් සමන්විත පුද්ගලයින් අතරින් තෝරා ගනු ලැබේ. මෙම පුද්ගලයින් ප්‍රධාන වශයෙන් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව, ජාල ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවල නිරත වන අතර එමඟින් සයිබර් මෙහෙයුම් සඳහා ඔවුන්ගේ නිපුණතාවය දායක කරගනු ලැබේ. තාක්ෂණික නිපුණතාවයට අමතරව, මෙම තේරීම් ක්‍රියාවලියේදී රටට හා  ආයතනයට ඇති පක්ෂපාතීත්වය, අවංකබව සහ කැපවීම වැනි විශේෂ ගුණාංග ඇති පුද්ගලයින් තෝරා ගනු ලබයි.

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි