ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරයි
උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීම, දීප ව්‍යාප්ත ගුවන් හමුදා කඳවුරුහිදී සියළුම නිළධාරීන් ඇතුළුව සිවිල් හා සෙසු නිළයන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් පවත්වන ලදී. පාරම්පරික ඇදුමින් සැරසී චාරිත්‍ර වාරිත්‍ර වලට අනුකූලව කුඩා මහලු සැමදෙනාම එකා මෙන් එක්ව සියළුම අවුරුදු ක්‍රීඩා හා තරඟ ඉසවු ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

අවුරුදු ක්‍රීඩා, ජන ක්‍රීඩා ඇතුළු පාරම්පරික අංග බොහෝමයකින් පරිපූර්ණ වූ මෙම උත්සව මාලාවේ ප්‍රධානතම අවුරුදු උත්සවය කටුනායක ගුවන් හමුදා කදවූරු පරිශ්‍රයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදැසන පැවති අතර එය ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලදී.තවද මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණිය, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය,කටුනායක කදවුරු අණදෙන ඉලධාරී එයාර් කොමඩෝර් ඩී.එල්.එස් ඩයස් ඇතුළු ගුවන් හමුදා ජේෂ්ඨ නිලධාරින්,සෙසු නිලයන් හා සිවිල් සේවක මහතුන් රැසක් මේ අවස්ථාවට සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි