එකමුතු පාපැදි ස්වාරියේ තෙවන අධියරේ ජය ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහට..
11:45am on Sunday 21st March 2010
තාරුණ්‍යට හෙටක් සංවිධානය මෙහෙය වීමෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා එකමුතු පාපැදි  සවාරියේ කළුතර සිට මාතර  දක්වා පැවති තෙවන අදියරේ ජය හිමි කර ගැනීමට ගුවන් හමුදා "ඒ" කණ්ඩායමේ ජීවන් ජයසිංහ සමත් විය.

ඊයේ (20 මාර්තු 2010)උදැසන කළුතරින් ආරම්භ වූ මෙම අදියරේ මුළු දුර කි.මී. 117.7 විය. අද දින (21 මාර්තු 2010) තරගයේ අවසන් අදියර ලෙස මාතර සිට තිස්සමහාරාමය දක්වා කි.මී. 120 ක දුරක් තරග කරුවන් ධාවනයේ යෙදෙන අතර ගුවන් හමුදා පාපැදි කණ්ඩායමෙන් දැඩි අභියොගයක් තරග කරුවන්ට  ලැබෙනු නියතය.

ස්ප්‍රින්ට් - සීනිගම           ජීවන් ජයසිංහ                ගුවන් හමුදා "ඒ" කණ්ඩායම
ස්ප්‍රින්ට් - කොග්ගල       ජීවන් ජයසිංහ                ගුවන් හමුදා "ඒ" කණ්ඩායම

තෙවන අදියරේ ජයග්‍රහකයෝ

  01 - ජීවන් ජයසිංහ                         ගුවන් හමුදා "ඒ" කණ්ඩායම
  02 - අසේල සිසිර කුමාර                 යුධ හමුදා"ඒ" කණ්ඩායම          
  03 - සනත් ජයසිංහ                        යුධ හමුදා"සී" කණ්ඩායම


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි