ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම වියටිනාම සංචාරයට
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම වියටිනාමයේ පැවැත්වෙන "the Lien Viet Post Bank Cup" ජාත්‍යයන්තර වොලිබෝල් තරගාවළියට ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ජාතික සංචිතය නියෝජය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයි පසුගිය දා සමත් විය. මෙම තරගාවළිය වියටිනාම වොලිබෝල් සමිමේලනය විසින් සංවිධානය කරණු ලබන අතර 2013 මැයි 19 සිට 27 වන දින දක්වා පැවැත්විමට නියමිතව ඇත.

මෙම තරගාවලිය සද්හා විවිධ රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් සහභාගි වීමට නියමිත අතර ඒ අතරින් තරගාවළිය සදහා චීනය නවසිලන්තය තායිලන්තය වැනි ප්‍රබල කණ්ඩායමි රැසක් සහභාගි විමට නියමිතව ඇත. මෙම තරගාවළිය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම සුදූසුකමි ලැබිමට අවස්ථා උදාකරගෙන ඇත්තේ පසුගිය දෙවර්ෂය තුල ඔවුන් ජාතික මට්ටමේ ලබාගත් ජයග්‍රහනයන් පදනම් කරගෙනය. ගුවන් හමුදා කණ්ඩායමේ නායිකාව ලෙස නායක ගුවන් කාන්තා දිනේෂා ප්‍රසාදිනි ක්‍රියාකරන අතර ඇය ජාතික කණ්ඩායෙමි නායිකාව ලෙස කටයුතු කරනු ලබයි.මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සැරයන් උපුල් ද සිල්වා ක්‍රියාකරනු ලබයි.

  


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි