
මාලදිවයින ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අහමඩ් සියම් ndc, psc මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා මුණ ගැසීම සඳහා 2013 ජූනි මස 10 වන දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිනෙන ලදී. ඒහිදී මෙම රටවල් දෙක අතර හමුදාවන්හි සහයෝගිතාවය සඳහා වැදගත් වන කරුණු ගැනි සාකච්ඡා කරන ලදී.
ගමන අවසානයේ මේජර් ජෙනරාල් සියම්ගේ පැමිනීම සටහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ පැමිණීම් පොතෙහි ඔහුගේ අත්සන තබන ලදී.
මේජර් ජෙනරාල් සියම්ගේ දින පහක සංචාරය තුල අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද මුණ ගැසුනු අතර 2013 ජූනි සම 07 වන දින නාවික හමුදාපති තුමාද මුණ ගැසෙන ලදී. පසුව යුධ හමුදාපති තුමා මුණ ගැසුණු අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේද සංචාරය කැන ලදී.










