11:27am on Monday 24th June 2013
54 වන අධිකාරී නොලත් නිලධාරී පාඨමාලාවේ විසිර යෑමේ උත්සවය 2013 ජූනි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරායේදී පවත්වන ලද අතර ඒම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නියෝජ්‍ය ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් එන් එච් වී ගුණරත්ණ සහභාගී වන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය විද්‍ය පීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් එච් එම් එස් කේ බී කොටකදෙනිය වෙනුවට එහි වැඩ බලන පීඨාධිපති එයාර් කොමඩෝර් ජේපී වනිගතුංග සහභාගී වූ අතර අධිකාරී නොලත් නිලධාරී කළමනාකරණ පුහුණු පාසලේ අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් සී ජේ බටගොඩ සහ විද්‍යා පීඨයේ අනෙකුත් නිලධාරීන් හා සෙස්සන්ද සහභාගී වන ලදී.
මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන්නන් හට රජරට විශ්ව විද්යාලග මගින් පිළිගැනෙන සහතිකපතක්ද නිකුත් කරනු ලැබේ. 54 වන පාඨමාලාව සඳහා ජේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 48 දෙනෙක්ද, කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 37 දෙනෙක්ද යුද්ධ හමුදාවේ ජේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් දෙදෙනෙකු හා නාවික හමුදා නාවික සුළු නිලධාරීන් දෙදෙනෙක්ද සහභාගී වන ලදී.