මිහින්තලේදී ගුවනින් ගිණි නිවයි

2013 ජුනි මස 20 වන දින  හින්තලේ ප්‍රදේශයේ වන රක්ෂීතයේ ගින්නක් ඇති වී ඇති අතර එය නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 07 හෙලිකොප්ටර් බලඝණයට අයත් බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් යොදා ගන්නා ලදී. බම්බි බකටි උපයෝගී කර ගනිමින් සවස 03.00 පැය පමණ වන විට ගින්න නිවා දැමීමට හැකි විය.

මෙය නිවා දැමීම සඳහා මහ කනදරාව ජලාශයෙන් ජලය ලබා ගත් අතර එම ජලය බෙල් 212 හෙලිකොප්ටරයේ බම්බි බකට් මිගින් රැගෙන ගොස් ගිනිදළු මතට මුදා හරිමින් මෙම ගින්න මැඩ පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි