ලේ දන්දීමේ සහ ඩෙංගු මර්ධන වැඩසටහනක් දියතලාව කඳවුර සංවිධානය කරයි
දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්.ඩබ්.පී.ඩී ප්‍රනාන්දු නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් ලේ දන්දීමේ සහ ඩෙංගු මර්ධන වැඩසටහනක් පසුගිය 20 වන දින දියතලාව කඳවුර සංවිධානය කර තිබිණි.

ජාත්‍යන්තර ලේ දන්දීමේ දිනය සිහිපත් කරමින් බදුල්ල මහරෝහල හා එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. කඳවුරේ විශාල ප්‍රමාණයක් ලේ පරිත්‍යාග කිරීම සඳහා ඉදිරිපත්විය.

ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරමින් දියතලාව නගරය හා ඒ අවට සුද්ද පවිත්‍රකිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කර තිබිණි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි