ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ශික පරීක්ෂණය ගුවන් හමුදාව කොග්ගල හා කටුකුරුන්ද
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ වාර්ශික කඳවුරු පරීක්ෂණය 2013 ජූලි මස 26 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොග්ගල හා වීරවිල යන කඳවුරුවලදී පවත්වන ලදී.
විං කමාන්ඩර් එස් වී විජේනායක විසින් ගුවන් හමුදාධිපති තුමා පිළිගනු ලැබූ අතර එහිදී මගදෙපස කන්ඩයක් මගින් ගුවන් හමුදාධිපති තුමන් හට උත්තමාචාර පුද කරනු ලැබීය. සැරයන් පුෂ්පකුමාර බී ඒ සී යන අය හා බී එම් පී සමන් යන සිවිල් සේවක මහතා විසින් ඔවුන් කළ කැපවීම් සහ වැඩදායි සේවයන් සඳහා ගුවන් හමුදාධිපති සම්මාන ලබා ගත් අතර ගුවන් හමුදාධිපති තුමා විසින් එය පිළි ගන්වනු ලැබීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුකුරුන්ද කඳවුරේදී එහි අණදෙන නිලධාරී විං කමාන්ඩර් පී එස් එන් ප්‍රනාන්දු විසින් ගුවන් හමුදාධිපති තුමන්ව පිළිගන්නා ලැබූ අතර එහිදීද මාර්ග පෙළ කණ්ඩයක් මගින් ගුවන් හමුදාධිපති තුමන් වෙත උත්තමාචාර පුද කරන ලදී. එම මාර්ගපෙළ කණ්ඩය සඳහා ෆ්ලයින් ඔෆිසර් එම් ටී එල් ප්‍රනාන්ද අණදෙන ලදී.
මෙම පරීක්ෂණය කරගෙන යන අතර තුරේදී අලුත්වැඩියා කරන ලද ආරක්ෂක මැදිරිය වෛද්‍ය ස්ථානය හා අළුතින් ඉදිකරන ලද නිලධාරී නිවස්නයද ගුවන් හමුදාධිපති තුමා විසින් නිරීක්ෂණය කරන ලදී.
එම පරීක්ෂණයන් අවසානයේදී එම කඳවුරු වල සියළු සාමාජිකයින් හට කඳවුරු සංවධනය වෙනුවෙන් කරන ලද වැඩ පිළිවෙලයන් සඳහා ස්තූති කරමින් ඒ අය අමතා කතා කරන ලදී.

SLAF Station Katukurunda