ශ්‍රී ලං ගු හ කොළඹ කඳවුරේ පෙර පාසල් වාර්ෂික ක්‍රීඩා උත්සවය 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ පෙර පාසල් ක්‍රීඩා උත්සවය 2013 ජූලි මස 30 වන දින රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.

ජාතික ධජය එසවීමෙන් අනතුරුව ඔලිම්පික් පහන දල්වා මෙම ක්‍රීඩා තරඟය ආරම්භ කරන ලදී. දරුවන් සඳහා ක්‍රීඩා, විනෝදාත්මක  හා විශේෂාංග බොහෝ සංඛ්‍යවක් මෙම ක්‍රීඩා උස්සවය සඳහා සංවිධානය කර තිබූ අතර මෙම ක්‍රීඩා උස්සවය සඳහා දරුවන්ගේ සරඹ සංදර්ශණයක්ද පැවැත්විනි.

මෙම ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමත්තා වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ගරු නීලිකා අබේවික්‍රම මහත්මිය සහභාගී වු අතර එයාර් කොමඩෝර් මාරිස්ටෙලා, සමන්ති බුලත්සිංහල මැතිණිය, ජිනි විජේමාන්න මැතිණිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ අණ දෙන නිලදාරී ගෘප් කැප්ටන් ඩී ජේ සී වීරකොන් හා එම මැතිණිය වන නිරන්ජලා වීරකොන් මහත්මිය යන අයද සහභාගී වූහ.

දිනාලි ශක්තිමා වීරසේකර යන පෙර පාසල් ශිෂ්‍යාව අවසාන වෂයෙන් ස්තූති කථවක්ද පවත්වන ලදී.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි