වෛද්‍ය විශය ගැටළු පිළීබඳ විශේෂඥ දැනුම් හුවමාරු වැඩසටහන කටුනායක ගුවන් හමුදා කඳවුරේදී
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හා ඇමරිකානු ගුවන් හමුදාව එක්ව යාපනය අර්ධද්වීපයේ සිදු කරනු ලබන පැසිෆික් ඒන්ජල් වැඩසටහනට සමගාමීව සිදු කරනු ලැබූ වෛද්‍ය විශය සම්බන්ධ ගැටළු පිළිබඳව විශේෂඥ වැඩමූළුවක් පසුගිය අගෝස්තු මස 09 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.
මෙම විශේෂඥ දැනුම හුවමාරු වැඩමුළුව යාපන අර්ධද්වීපයේ පවත්වනු ලබන වෛද්‍ය හා ප‍්‍රතිසංස්කරණ වැඩසටහන හා සමගාමීව සිදු කරනු ලැබූ අතර එම වැඩසටහන 2013 අගෝස්තු මස 05 වන දින සිට 09 වන දින දක්වා පැවැත්විණි.
මෙම වැඩසටහන ඇමරිකානු ගුවන් හමුදාවේ විශේෂ නියෝජිතයින් හතරදෙනෙකු සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජිතයින් හතරදෙනෙකු විසින් මෙහෙයවන ලදී. මෙහිදී ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානාවන්හි සාමාන්‍ය ගුවන්-වෛද්‍ය සේවාවේ මූලධර්මයන් එහිදී ගුවන් යානාවන් හා හෙලිකොප්ටර් යානාවන් තුළ ක‍්‍රියා කළයුතු ආකාරය, රෝගීන් ඇතුළත් කර ගැනීම හා ඉන් පිටත් කිරීම පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදු කරන ලදී. එසේම වෛද්‍ය මෙහෙයුම් පිළිබඳ ආරක්‍ෂක ආයතනය මගින් සම්මත කරන ලද මානුෂීය මෙහෙයුම්, හදිසි ආපදා තත්වයන්හිදී සහ යුධ මෙහෙයුම් වලදී ගුවන් මගින් රෝගීන් ගෙන යාමේ ක‍්‍රම පිළිබඳවද දැනුමක් ලබා දෙන ලදී.
මෙම වැඩසටහනට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් හතරදෙනෙකු, ගුවන් යානා බර පාලන අධීක්‍ෂක වරු හතරදෙනෙකු, ගුවන් යානා ඉංජිනේවරුන් හතරදෙනෙකු, ගුවන් හමුදා වෛද්‍යවරුන් දොලොස්දෙනෙකු සහ ගුවන් හමුදා හෙද හෙදියන් විසිදෙනෙකු න්‍යායික සහ ප‍්‍රායෝගික වැඩමුළු සඳහා සහභාගී වූහ. ප‍්‍රායෝගික වැඩමුළු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සී 130 ගුවන් යානය සහ එම් අයි 17 හෙලිකොප්ටර් යානා උපයෝගී කොට ගෙන සිදු කරන ලදී.
මෙම පාඨමාලිවේ සහතික පත් ප‍්‍රදානය 2013 අගෝස්තු මස 09 වන දින ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් ජී පී බුලත්සිංහල නිළධාරීතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.