අන්තර් ඒකක මළල ක්‍රීඩා තරගාවලිය 2013
ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 26 රෙජිමේන්තු පක්ෂාංගය මෙවර අන්තර් එක්කක මළල ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් ලැබෙන ගුවන් හමුදාධිපති අභියෝගතා කුසලානය දිනා ගැනීමට සමත් විය. මළල ක්‍රීඩා තරගාවලියේ අනුශූරතාවය වෙනුවෙන් ලබාදෙන ගුවන් හමුදා මළල ක්‍රීඩා සභාපති අභියෝගතා කුසලානය දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලිය පසුගිය සැප්තැම්බර් මස 26 වෙනි දින ගුවන් හමුදා කටුනායක කඳවුරු ක්‍රීඩාංගනයේදී පැවැත්විනි.

තරගාවලියේ දක්ෂතම මළල ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන පිලිවෙලින් ශිෂ්‍ය නිළධාරී කොස්වත්ත සහ ශිෂ්‍ය නිළධාරිනී සෙවිවන්දී ලබා ගන්නා ලදී.

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස පරිපාලන අධ්‍යක්ෂක එයාර් කොමඩොර් ජේ එස් අයි විජේමාන්න සහභාගී විය. එසේම ගුවන් හමුදා මළල ක්‍රීඩා සංචිතයේ සභාපති එයාර් කොමඩොර් එස් කේ පතිරණ, විධායක ක්‍රීඩා නිළධාරී ගෲප් කැප්ටන් ආර් ඩී සී ඩී රවිහංස ඇතුළු කඳවුරු ඒකකයන්හි නිළධාරීන් සෙසු නිළයන් සහභාගී විය.  


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි