ගුවන් හමුදා අවුරුදු පොළ මෙවර කොළඹ කදවුරේදී..
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා අවුරුදු පොළ අද (06) දින කොළඹ ගුවන් හමුදා කදවුරේදී පැවැත්විය.
සැම අවුරුද්දකම උත්සව සමය ඉලක්ක කර ගනිමින් සිවිල් සහ සේවා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් අඩු මිලට සහ උසස් තත්වයේ භාණ්ඩ සැපයීම මෙම අවුරුදු පොළ පැවැත්වීමෙහි මූලික අරමුණු විය. එක් එක් ගුවන් හමුදා කදවුරු වෙනුවෙන් වෙන වෙනම වෙළද කුටි තිබූ අතර විශාල පිරිසක් භාණ්ඩ මිලදී ගැනීමෙහි නිරතවනු දක්නට ලැබුනි.
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, සුභ සාධක අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු ඩ්බ් ඒ සිල්වා ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, නිළධාරින්, සහ සෙසු නිළයන්, සිවිල් සේවකයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගි විය.