ගුවන් හමුදාව "ඉංග්‍රීසි දිනය" වැඩසටහන සාර්ථකව පවත්වයි
ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ ඉංග්‍රීසි කුසලතාවන් ඔප්නැංවීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන "ඉංග්‍රීසි දිනය" වැඩසටහන 2013 ඔක්තෝම්බර් මස 04 වෙනි දින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්විනි.

මෙහිදී ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ගායනා,කථික,රචනා,නාට්‍ය ඉදිරිපත් කල අතර දිවයිනේ පිලිගත් විශ්වවිද්‍යාලයන්හි මහාචාර්යවරුන් විසින් තරග විනිශ්චය සඳහා සහභාගී විය. මෙවැනි ප්‍රසංග පැවැත්වීම තුලින ගුවන් හමුදා සාමාජිකයන්ගේ ඉංග්‍රීසි භාෂාව භාවිතය හා ප්‍රගුණ කිරීම වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත්, ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් පීඩීජේ කුමාරසිරි, ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පී රණසිංහ, ජේෂ්ඨ නිලධාරීන් හා සෙසු නිළයන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි