ඉතිහාසයේ ප්‍රථම වරට පැවති ස්පීඩ් බෝට්ටු තරගාවළියට ගුවන් හමුදා නියොජනයක්
ස්පීඩ් බෝට්ටු ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් පැවති ප්‍රථම තරගාවළියේ ජයග්‍රහණ ලබා ගැනීමට ගුවන් හමුදාවට හැකිවිය. පසුගිය නොවැම්බර් මස 24 දින බේරේ වැවේ පැවති මෙම තරගාවළිය සඳහා ගුවන් හමුදාව නියොජනය කරමින් ස්කොඩ්‍රන් ලීඩර් ඒ ඒ ජී එස් අලහකෝන් සහ ෆ්ලයින් ඔෆිසර් ආර් ජේ එම් ගුණතිලක සහභාගී විය.
ඉතාමත් කෙටි කාලයක් තුල බ්‍රිතාන්‍ය පවර් බෝට්ටු පිළිබඳ ප්‍රවීණයන්ගේ පුහුණුවෙන් පසු ෆෝමියුලා 2 කාණ්ඩය යටතේ මෙම තරගාවළියේ මොවුන් තරග වැදුනහ. එහිදී වේගවත්ම කාලයක් නියෝජනය කරමින් ෆ්ලයින් ඔෆිසර් ආර් ජේ එම් ගුණතිලක තරගය ජය ගැනීමට සමත් විය. මෙම තරගාවලිය ශ්‍රී ලංකා පවර් බෝට්ටු සංගමය විසින් සංවිධානය කර තිබූ අතර විශාල පිරිසක් තරගාවලිය නැරබීම සඳහා පැමිණ සිටියහ.