අන්තර් ඒකක් මල්ලවපොර ශුරතාවලිය 2013
අන්තර් ඒකකමල්ලවපොර ශුරතාවලියේ පිරිමි හා කාන්තා ශුරතාවන් පිළිවෙලින් චීනවරාය විද්‍යාපීඨ කඳවුර සහ ඒකල ගුවන් හමුදා වෘතීය පුහුණු පාසල විසින්  දිනා ගන්නා ලදී. මෙම තරගාවලිය පසුගිය(27)දින  ඒකල වෘත්තීය පුහුණු පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත් විය.

නා.ගු.භ පුෂ්පකුමාර හා නා.ගු.භ සුලක්ඛනා පිරිමි හා කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට හිමි සම්මාන දිනා ගත්හ. ජාතික මල්ලවපොර සම්මේලනයේ ලේකම් කොමඩෝර් හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. ඒකල කඳවුරු අණදෙන නිළධාඊ ගෲප් කැප්ටන් පී රණසිංහ, ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් වැරැල්ලගම  ඇතුළු නිලධාරීන් ද මේ අවස්තාවට එක් විය.a




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි