පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලිය නියෝජනය කල ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
පසුගිය නොවැම්බර් මස 24 වන දින සිට 30 වන දින දක්වා මැලේසියාවේ පෙනන්ග් නගරයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බරඉසිලීමේ තරගාවලියට සහභාගී වු ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) උදැසන දිවයිනට සැපත්විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට එක් වු ගුවන් හමුදාවේ ගුවන් භට පලගසිංහ ඩීකේටීඩබ්කේ වයස අවුරුදු 20න් පහල සහ විවෘත යන අංශ දෙකෙන්ම පදක්කම් දිනාගන්නා ලදී. අවුරුදු 20න් පහල කිග්‍රැ 56 බර පන්තිය යටතේ තරග වදිමින් එහි රන් පදක්කමත්, විවෘත අංශයේ රිදී පදක්කමත් දිනා ගන්නා ලදී. මෙහිදී මොහු ස්නැච් ක්‍රමයට හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිග්‍රැ 241ක බරක් ඔසවනු ලැබූ අතර එය නව ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තාවක් වන අතර විවෘත අංශයේ ශ්‍රී ලංකා වාර්තාව සම කිරීමක් ද වෙයි. 
 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි