කටුනායක ගුවන් හමුදා ප‍්‍රාථමික විද්‍යාලයේ සිසුන් ඉංග‍්‍රීසි මාද්‍ය සමුහ ගායනයෙන් බස්නාහිර පලාතෙන් පලමු තැනට
අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පැවති බස්නාහිර  පලාත් ඉංග‍්‍රිසි මාද්‍ය තරගවලදී කටුනායක ගුවන් හමුදා ප‍්‍රාථමික විද්‍යාලයේ සිසුන් ඉංග‍්‍රීසි මාද්‍ය සමුහ    ගායනයෙන් පලාතේ පලමු තැන ලබා ගැනීමට සමත් විය.

බස්නාහිර පලාතේ කලාප 11ක ජයග‍්‍රහකයින් පරාජය කරමින් මෙම ජයග‍්‍රහණය ලබා ගැනීම අගය කලයුතු කරුණකි. එසේම මෙම දරුවන් 20 දෙනාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ගුරු හරුකම් ලබා දුන් විද්‍යාලයේ ඉංග‍්‍රිසි විෂය භාර සරත් මල්ලවආරචිචි ගුරුතුමන් මෙන්ම ගායනය වෙනුවෙන් සංගීතය ලබා දුන් ගුවන් හමුදා සංගීත කණ්ඩායමෙ කෝප‍්‍රල් සුගත් මෙහිදී ගෞරවයෙන් සිහිපත් කලයුතුය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි