ක‍්‍රිස්තු රාජ විද්‍යාලයීය ප්ලැටිනම් ජුබිලි පස් සාමාජික පැසි පන්දු ශූරතාවය ගුවන් හමුදාවට
තුඩැල්ල ක‍්‍රිස්තු රාජ විද්‍යාලයේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද පස් සාමාජික පැසි පන්දු තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා කාන්තා සහ පිරිමි පැසි පන්දු කණ්ඩායම් සමත් කම් දක්වන ලදී. මෙම තරඟාවළිය පසුගිය ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ ජා ඇල, තුඩැල්ල ක‍්‍රිස්තු රාජ විද්‍යාලයේදී පවත්වන ලදී.
පිරිමි අවසන් තරඟයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම් කණ්ඩායම 75-51 ක් ලෙස පරාජය කරන ලදී. කාන්තා අවසන් මහා තරඟය සඳහා ගුවන් හමුදා කාන්තා පැසි පන්දු කණ්ඩායම් දෙක සුදුසුකම් ලැබූ අතර එහිදී ගුවන් හමුදා කන්තා පැසි පන්දු නිල් කණ්ඩායම 57-40 ක් ලෙස ලකුණු ලබා ගනිමින් ශූරතාවයට හිමිකම් කියන ලදි.