ගුවන් හමුදා ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව හැදෑරූ නිළධාරීන් නිළධාරිනියන් විසිර යයි
අංක 63 ඉඳුරාම බඳවාගත් ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව හැදෑරූ ශිෂ්‍ය නිළධාරීන් සහ නිළධාරිනියන් පසුගිය ජනවාරි මස 13 වන දින දියතලාව සටන් පහුනණු පාසලේදී විසිර යන ලදී.
මෙම පාඨමාලාව ශිෂ්‍ය නිළධාරී නිළධාරිනියන් 10 කුගෙන් සමන්විත වූ අතර ගුවන් ධාවන පථ ඉදිකිරීම්, වෛද්‍ය, පරිපාලන/නෛතික හා පරිපාලන/තූර්ය වාදක යන වෘත්තීන් සඳහා පයිලට් ඔෆිසර්, ෆ්ලයින් ඔෆිසර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන් යන නිළයන්හි සුදුසුකම් මත පිහිටුවන ලදී.
ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේදී පවත්වනු ලැබූ මෙම පාඨමාලාව සති අටක කාලයක් මුළුල්ලේ සරඹ, අවි පුහුණුව, ක්ෂේත‍්‍ර පුහුණුව, යුධ උපක‍්‍රම, සිතියම් කියවීම, ගුවන් හමුදා නීතිය, ගුවන් හමුදා සංවිධාන සහ පරිපාලන යන ක්ෂේත‍්‍ර යටතේ පුහුණුවීම් සිදු කරන ලදී.