රූපලාවන්‍ය වැඩමුළුවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද රූපලාවන්‍ය වැඩමුළුවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පසුගියදා පවත්වන ලදී.

ඔරිෆ්ලේම් ලංකා ආයතනයේ කොළඹ ප‍්‍රදේශයේ කළමණාකාරිනී තිළිණි ලේවැල්ල මෙනවිය සහ එහි සාමාජිකාවන් විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී. පෞද්ගලික රූපලාවන්‍ය පිළිබඳව දැනුවත් කිරීම හා ස්වභාවිකත්වය ආරක්‍ෂා කරගැනීම පිළිබඳව මෙම වැඩුමුළුවේදී  සහභාගී වූ පිරිස දැනුවත් කරන ලදී.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා නිළධාරිනියන්, ගුවන් කාන්තාවන් හා ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල කාන්තාවන් වෙනුවෙන් මෙම වැඩමුළුව පවත්වනු ලැබූ අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වූහ.

 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි