ගුවන් කාන්තා ගලප්පත්ති යූරෝපා දැල් පන්දු ශූරතාවයට
2:07pm on Monday 12th April 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ උප නායිකා ගුවන් කාන්තා ගලප්පත්ති යූරෝපා දැල් පන්දු ශූරතාවයට සහභාගී වීම සදහා මේ මස 14 වන දින ජාතික කණ්ඩායම සමග දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

මෙම තරගාවලිය 15 වන දින සිට 28 වන දින දක්වා එංගලන්තයේ, වේල්ස් හී කාර්ඩිෆ් නගරයේදී පැවෙත්වෙන අතර එංගලන්තය, වේල්ස්ය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය සහ තවත් යූරෝපා රටවල් සහභාගී වීමට නියමිතය.

අවස්ථා කීපයකදීම ජාතික කණ්ඩායම නියෝජනය කල මෙම අත්දකීම් බහුල ක්‍රීඩිකාව 2007 දී ගෝල්ඩ් ස්ටාර් දල්පන්දු තරගාවලියේදී හා පෙස්ටා බෝලා ජාරින් යූ එම් එස් (Pesta Bola Jaring U M S) තරගාවලියේදී ගුවන් හමුදාව තරග ශූරතාවයන් දිනා ගැනීමට විශාල කාර්යභාරයක් සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි