කටුනායක ගුවන් හමුදා කඳවුරට බස්රථ සේවාවක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විශාලතම කඳවුර වන කටුනායක ගුවන් හමුදා කඳවුරෙහි රාජකාරියෙහි නියුතු සහ කඳවුර තුළ වාසය කරන පුද්ගලයන්ගේ ගමනාගමනය සඳහා බස් රථ සේවාවක් පසුගියදා කඳවුරු අණදෙන නිළධාරීතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.
මෙය 63 වන ගුවන් හමුදා දිනයට සමගාමීව ආරම්භ කරන ලද්දක් වන අතර මෙය 20 කණුව මංසන්ධියෙන් ආරම්භ වේ. මේ සඳහා යොදාගනු ලැබූ බස් රථය දීර්ඝ කාලයක් මුළුල්ලේ කටුනායක වාහන නඩත්තු අංගනයේ රඳවා තැබූ රථයකි.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන් සෙසු නිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් විශාල පරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ