අන්තර් ඒකක බොක්සිං තරඟාවළිය 2014
අන්තර් ඒකක බොක්සිං තරඟාවළිය පසුගිය මාර්තු මස 23 සිට 26 දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ත ක‍්‍රීඩාගාරයේදී පවත්වන ලදී. කටුනායක 26 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගය පිරිමි ශූරතාවය දිනාගනු ලැබූ අතර ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල කාන්තා ශූරතාවය දිනාගන්නා ලදි.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් භට ආනන්ද ඞීඑම්ජීකේ සහ 26 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගයේ ගුවන් කාන්තා විජේසිංහ ආර්වීඑස් විසින් දක්‍ෂතම ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

හිටපු ගුවන් හමුදා දන්ත වෛද්‍ය අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඒඑම්බී අමුණුගම ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු අතර ගුවන් හමුදා බොක්සිං සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිංහ ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි