ඕමාන් අණ හා මාණ්ඩලික පාසැලේ නියෝජිත මණ්ඩලය ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
 ඕමාන් අණ හා මාණ්ඩලික පාසැලේ නියෝජිත පිරිසක් පසුගිය මාර්තු මස 31 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.  ඕමාන් යුධ, ගුවන් හා නාවික හමුදාවන්හි නිළධාරීන් බහරේන්, සවුදි, යේමන් සහ ලෙබනන් යුධ හමුදා නිළධාරීන් ඇතුළු නිළධාරීන් 38 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූහ. කර්නල් සුලෙයිමන් සබිල් අලි බල්සුහි මෙම කණ්ඩායම මෙහෙයවන ලදී.

ගෲප් කැප්ටන් පීඑල්ජේ කොඩිප්පිලි විසින් මෙම නියෝජිත පිරිස පිලිගනු ලැබූ අතර පසුව ඔවහු ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල හමුවූහ.

විංග් කමාන්ඩර් ප‍්‍රසන්න කුරුවිට විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සම්බන්ධව දේශනයක් සිදු කරන ලදී. මේ අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරීහු ද එක්වූහ.

මෙහිදී සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි